Divaina - ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් අද විශ්වාසභංගයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

re1 3දෙස් විදෙස් බුද්ධි අංශ විසින් කල් තියා දැනුම් දී තිබියදීත් සුදුසු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා තුන්සියයකට අධික ජීවිත ගණනාවක් අහිමි කළ පාස්කු ප‍්‍රහාරයට සෘජුව වගකිව යුත්තේ ආණ්ඩුව බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (21දා) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දෙයි.

පාස්කු ප‍්‍රහාරය සිදුවී මාසයක් සම්පූර්ණ වන අද දිනයේ මෙම විශ්වාසභංග යෝජනාව පෙරවරු 10.00 ට කථානායකවරයාට භාර දෙන බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20දා) ප‍්‍රකාශ කළේය.

මේ වන විට ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිවද ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංගයක් භාර දී ඇති නිසා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව විවාදයට ගැනෙන්නේ පළමුව භාර දුන් එම විශ්වාසභංග යෝජනාව බව කී අනුර කුමාර දිසානායක මහතා, විපක්ෂ නායකවරයා කැමති නම් ආණ්ඩුවට එරෙහිව අද භාර දෙන විශ්වාසභංග යෝජනාව කලින් විවාදයට ගත හැකි බවද කීවේය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කිරීමට ද තීරණය කර ඇති බව කී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවට එරෙහිව තමන් භාර දෙන විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දෙන ලෙස සියලූම මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කීය.

සහරාන් ඇතුළු පිරිසක් 2017 මාර්තු 10 වැනිදා කාත්තන්කුඩියේදී රැුස්වීමක් පවත්වා පසුව මුස්ලිම් පිරිසකට පහර දුන් බව කී දිසානායක මහතා ඒ සම්බන්ධව සහරාන් නමැත්තා ඇතුළු හය දෙනකු වරෙන්තු ලබා සිටි බව ද කීය. එසේ වරෙන්තු ලබා සිටි දෙදෙනෙක් පසුගිය පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරුණු ත‍්‍රස්තයන් අතර සිටි බවද කී හෙතෙම, මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඩූ පුද්ගලයන්ට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණු බව ආණ්ඩුවේම ඇමැතිවරයකු වන කබීර් හෂීම් මහතා පුකාශ කළ බව ද කීවේය.

වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පුහුණු කඳවුරක් පවත්වා ගෙන ගිය බවද, එහි තිබී ආයුධ සොයාගත් බවද කී දිසානායක මහතා මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් පාස්කු ප‍්‍රහාරයට එක්වී ඇතැයි අනාවරණය වී තිබෙන බවද කීය.

මේ සියල්ල දැන සිටි ආණ්ඩුව කිසිදු පරික්ෂණයක් නොකළ බවද ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ ආරක්ෂාව ලබන සියලූ දෙනාට බුද්ධි අංශ විසින් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කල් තියා දැනුවත් කර තිබූ බවද දිසානායක මහතා කීය.

ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ප‍්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් රට පාලනය කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැතැයිද, පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු රජයට මාසයක් ගතවන තුරු රට ස්ථාවර තත්ත්වයකට ගෙන එන්නට නොහැකි වී ඇතැයිද එනිසා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැතැයි ද දිසානායක මහතා කීවේය.

රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබ`ද ජවිපෙ තීරණයක් ගන්නේ ජනතාවගේ පැත්තේ සිට බවද, ඒ පිළිබඳ දෙගිඩියාවක් ඇතිකර නොගන්නා ලෙසද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

අජිත් අලහකෝන්

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles