Divaina - රණවිරු දඩයමත් භික්ෂු දඩයමත් නැවතිය යුතුයි - අම්බාලේ රතන හිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p15 2‘තලතා අතුකෝරාල කියන ඇමැතිවරිය මහා සංඝරත්නයට අපහාස කරපු විදිය අපි මාධ්‍යයෙන් දැක්කා. ඒ අය හොඳට මතක තියාගන්න ඕන රටේ යම් ප‍්‍රශ්නයක් ඇති වුණාම ඉදිරිපත් වෙන්නේ මහා සංඝරත්නය. ඒ ප‍්‍රශ්න තුරන් කරන්න ඉදිරිපත් වෙන්නේ මහා සංඝරත්නය. කට වරද්දා ගන්න එපා. කටවල් පරිස්සම් කරගෙන මේ රට තුළ ජීවත් වෙනවා නම් හොඳයි කියලා අපි ඒ අයට සිහිපත් කරනවා. මම මේ වෙලාවේ ඔය කෑගහන අයට මතක් කරනවා රණවිරු දඩයමත් භික්ෂු දඩයමත් නවත්වන්න කියලා’’ යැයි බොදුබළසේනා සංවිධානයේ මහියංගන ශාඛාවේ සභාපති හා 969 සංවිධානයේ මහියංගන ප‍්‍රාදේශිකයේ සභාපති දෙහිගොල්ල ශී‍්‍ර පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය අම්බාලේ රතන හිමියන් හසලක ගාමිණී කුලරත්න පිළිරුව අසල ඊයේ (19 දා* උදෑසන පැවති විජයග‍්‍රහණයේ 10 වැනි වසර සැමරුම් උත්සවයේදී අනුශාසනා කළහ.

යුද්ධය නිමකර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් යුද ජයග‍්‍රහණය සැමරීම වෙනුවෙන් හසලක ගාමිණී කුලරත්න පිළිරුවට පුෂ්පෝපාහාරයක් සහ උත්තමාචාර දැක්වීම එහිදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ගාමිණී කුලරත්න රණවිරුවාගේ දයාබර මෑණියන් වන වයි. ජී. ජුලියට් මාතාවද යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් ද එක්වී සිටියේය.

p15 3බොදුබළ සේනා සංවිධානයේ මහියංගන ශාඛාවේ සභාපති හා 969 සංවිධානයේ මහියංගන ප‍්‍රාදේශිකයේ සභාපති දෙහිගොල්ල ශී‍්‍ර පූර්වාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්බාලේ රතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මහියංගණ ආබාධිත රණවිරු සංගමය විසින් මෙම උපහාර උළෙල හා රණවිරු සැමරුම සංවිධානය කර තිබිණි.

මහියංගණ - රංජිත් කරුණාවීර

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles