Divaina - පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පාකිස්තානු අනාථයන් රැගෙන ඒමට පළාත් වැසියන්ගේ විරෝධය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

වවුනියාවේ පුන්තෝට්ටම් ප‍්‍රදේශයේ පිහිටි එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානය වෙත පකිස්තානු අනාථ වැසියන් රැුගෙන ඒමත් සමගම පළාතේ වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

නමුත් මේ ස්ථානය යුද හමුදා කඳවුරක් බැවින් ඒ අසල පළාතට කිසිවකුටත් ඇතුළු වීමට අවසර නොලැබෙන පරිදි ආරක්‍ෂාව දැඩි කොට තිබේ.

මුලින්ම මේ පකිස්තානු අනාථයන් පිරිස මීගමුව පළාතේ රඳවා සිටි අතර පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව වූ ප‍්‍රශ්නයක් මත ඔවුන්ව අවස්ථා කීපයකදී විවිධ ස්ථානවලට රැුගෙන යන ලදී.

ඒ සෑම ප‍්‍රදේශයකින්ම ඔවුන්ට එරෙහිව විරෝධතාවයන් එල්ල වීමත් සමගම 17 දා රාත‍්‍රියේ හොර රහසේම මේ පිරිස වවුනියාවට රැුගෙන විත් තිබේ.

දැනට පකිස්තානු අනාථයන් 36 දෙනකු මේ ස්ථානයේ රඳවා සිටින අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු වවුනියාවේ බලධාරීන්ට ලිපියක් යවමින් මේ අනාථ වැසියන්ව වවුනියාවට රැුගෙන ඒමට හේතුන් විමසා තිබේ.

එම මන්ත‍්‍රීවරු විමසා සිටින්නේ අනාථයින් පිළිබඳව කටයුතු කිරීමට අනාථයන් පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය :ඹභ්‍යක්‍ඍ* වැනි ආයතනයක් තිබියදී පකිස්ථානු අනාථයන් පිළිබඳව ශ‍්‍රී ලංකාව මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්දැයි යන ප‍්‍රශ්නයයි.

උතුරේ යුද සමයේදී දෙමළ අනාථයන්ට දකුණු ආසියාතික රටක් වශයෙන් උදව් කරන ලද්දේ ඉන්දියාව පමණක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය ඒ අවස්ථාවේදී පාකිස්තානය දෙමළ සරණාගතයන් භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බවද පෙන්වා දෙයි. රජයට සම්බන්ධ මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ වුවමනාවට මේ පකිස්තානු අනාථයන් ශ‍්‍රී ලංකාවට රැුගෙන විත් ඇති බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු මේ අනාථයින්ට රැුකවරණය ලබා දීම වෙනුවෙන් එම අමාත්‍යවරයා පකිස්තානයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇති බව කියා සිටියි.

පකිස්තානයෙන් ලැබෙන එම මුදලට අමතරව අනාථයන් පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන්ද විශාල මුදලක් ලැබෙන අතර මුස්ලිම් ජාතික අමාත්‍යවරයාගේ එකම බලාපොරොත්තුව පකිස්තානයේ ආධාර මත ඔවුන්ව ශ‍්‍රී ලංකාවේ පදිංචි කරවීම බවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු කියා සිටිති.

දකුණේ සිංහල වැසියන් මේ පකිස්තානු අනාථයන්ට විරෝධය පළ කළ අවස්ථාවේදී රජය ප‍්‍රකාශ කළේ එම අනාථයන්ව ඹභ්‍යක්‍ඍ සංවිධානය විසින් භාරගත් බවත් ඔවුන්ව ආපසු පකිස්තානයට යැවීමට පියවර ගන්නා බවත් යැයි පවසන දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු රජය විසින් බොරු කියා ඔවුන්ව වවුනියාවට එවීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවද කියා සිටිති.

දිනසේන රතුගමගේ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles