Divaina - රණවිරු සැමරුමට මහින්ද එයි ෆොන්සේකා නොඑයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ (19 වැනිදා) පැවැති ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වූ අතර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊට සහභාගි නොවීය.

බෙදුම්වාදී යුද්ධය ජය ගැනීමට උරදුන් සේනාධි නායකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2014 වසරෙන් පසුව රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වූ පළමු අවස්ථාව ලෙස ඊයේ උත්සවය සටහන් වේ.

එහෙත් එල්.ටී.ටී.ඊ. යට එරෙහිව පැවැති යුද්ධය ජයගැනීමට හමුදාව නායකත්වය දුන් එකල යුද හමුදාපතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වූයේ නැත.

ෆොන්සේකා මහතාට උත්සවය සඳහා ආරාධනා කර තිබුණත් ඒ සඳහා සහභාගි වීමට නොහැකි බවට උත්සවය සංවිධානය කළ රණවිරු සැමරුම් අධිකාරියට ඒ මහතා දැනුම් දී තිබිණි.

කුෂාන් සුබසිංහ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles