Divaina - රත්නපුර නගරය ඡායාරූප ගත කළ සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

hiraරත්නපුර නගරයේ රාති‍්‍ර දර්ශනය (19 දා) නගරයේ උසම ස්ථානයක් වන අංගම්මන පල්ලේකන්ද ප‍්‍රදේශයේ සිට ඡුායාරූප ගත කරමින් සිටි තරුණයන් තිදෙනකු ගම්වාසීහු විසින් (19 දා) රාති‍්‍ර අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.

පැල්මඩුල්ල ආසනයට අයත් මෙම ප‍්‍රදේශයේ රත්නපුර නගර සභා ප‍්‍රදේශයට මායිම්ව පිහිටා ඇති අතර මෙම ස්ථානයට ගමන් කිරීමට මාර්ග පහසුකම්ද රත්නපුර අංගම්මන රජමහා විහාර අසලින් පිහිටා තිබේ.

නගරයේ උසම ස්ථානය පිහිටි මෙම කඳු මුදුනේ සිට රත්නපුර නගර ඉතා පැහැදිලිව දර්ශනය වේ. පාසල්, පන්සල්, පල්ලි හා වෙනත් රජයේ ආයතනවල වෙසක් පෝය නිමිතිකොට විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී තිබූ බැවින් ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිව ඇත.

රත්නපුර නගරයට ජලය බෙදාහරින ජල ගබඩා ටැංකිද පිහිටා ඇත්තේ මේ ස්ථානය අසල පිහිටි රක්‍ෂිතයේ වේ. එය ටැංකි කැලේ රක්‍ෂිත නමින් හැඳින්වේ.

අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකු මුස්ලිම් එක් අයෙකු සිංහලද වේ. මොහුන් ළඟ තිබූ කැමරා, ජංගම දුරකථන හා පැමිණි යතුරුපැදි දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.

රත්නපුර අතිරේක - ඉන්දික වීරවර්ධන, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles