Divaina - සිරගෙදර සිට පශ්චාත් උපාධිය නිම කළ පොලිස් නිලධාරියා - ආචාර්ය උපාධියට ආධාර ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

hireබන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සිං ශූරයකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සිං ශූරතාවට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටී.
 
 වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට එක්වීම වෙනුවෙන් (18දා) බන්ධනාගාර පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වූ බමුණුසිංහ මහතා තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, ඉදිරි බොක්සිං ශුරතා තරගයට ඉදිරිපත්වීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
 
 එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඔහුගේ නිබන්ධනය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙන බව ප‍්‍රකාශ කළ අතර, අදාළ තරගයට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත උපදෙස් දුන්නේ ය.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles