Divaina - හැඳුනුම්පත් පරීක්‍ෂා කරන මුවාවෙන් පෙම්වතා සිටියදීම පෙම්වතිය කෙළසලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

- වනචරයෝ දෙදෙනා රිමාන්ඞ්

- ආරක්ෂක හේතූන් මත හැඳුනුම් පත් පරීක්ෂා කරන මුවාවෙන් අකුරල මුහුදු වෙරළේ පෙම්බස් දොඩමින් සිටි පෙම්වතා ඉවත් කර පෙම්වතියට අතවරකර නිරුවත් උඩුකය ඡුායාරූපගත කළේ යැයි අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද බූස්ස යුද හමුදා කඳවුරේ සෙබලූන් දෙදෙනා 2019 මැයි මස 24 වන දින දක්වා රක්ෂිත

බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් ඉසෙඞ් පී. එම්. ලියාකාත් මහතා 12 වැනිදා නියෝග කළේය.

මෙදිනට සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය. සැකකරුවන් පැමිණි බව කියන ත‍්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ශ‍්‍රමදාන මාවත, දිගරුද්ද, අහංගම ලිපිනයේ පදිංචි නෙරංජන සහන් කාහලගේ ගම්ලත් (38* සහ සිංහපුර, වීරවිල ලිපිනයේ පදිංචි අසංක කොකුහැන්නදි (40* යන දෙදෙනාය.

තමා සිය පෙම්වතා සමග අකුරල මුහුදු වෙරළේ කතාබහ කරමින් සිටියදී ත‍්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් පෙම්වතා ඉවතට ගෙන ගොස් තමන් ඇඳ සිටි ටී ෂර්ටය ගලවා ලිංගික අතවර කළේ යැයි ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයේ පදිංචි තරුණියක විසින් අම්බලන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ත‍්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනා පළමුවෙන් තමාගේ සහ පෙම්වතාගේ හැඳුනුම්පත් ඉල්ලා සිටි බවත් ඒවාදුන් පසු පරීක්ෂා කර බලා වයස අඩු යැයි පවසා ඇඳ සිටි ටී ෂර්ටය ගලවන්න යැයි බල කළ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම බල කිරීමට තමාත් පෙම්වතාත් විරුද්ධ වූ විට බලහත්කාරයෙන් ටී ෂර්ටය ගලවා ලිංගික අතවර කළ බවද නිරුවත් උඩුකය ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් ඡුායාරූප ගතකළ බවත් පැමිණිකාර තරුණිය පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

පැමිණිල්ලට අනුව අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය හික්කඩුව පොලිසියට දැනුම් දී හික්කඩුව පොලිසියේද සහය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා බූස්ස යුද හමුදා කඳවුරේ සේවය කරන බවත් 12 දා පෙරවරුවේ බූස්ස හමුදා කඳවුරේ සේවය කරන වෙනත් අයෙකුට අයත් ත‍්‍රිරෝද රථයක් ඉල්ලාගෙන අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසට පැමිණීමට පිටත් වී තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි. ඒ එන අතර වාරයේ අකුරල මුහුදු වෙරළේ ත‍්‍රීරෝද රථය නවතා මෙම ලිංගික අතවර කර ඡුායාරූප ගත කිරීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

සැකකරුවන් දෙදෙනා, තමන් යුද හමුදාවේ බව පවසා පෙම්වතුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා ගෙන තිබෙන බවත් ඒවා පරීක්ෂා කර වයස අඩුයැයි පවසා තිබෙන බවත් අම්බන්ගොඩ පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ වලදි තහවුරු කරගෙන තිබේ.

අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, රවීන්ද්‍ර පුෂ්ප කුමාර මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද ද සිල්වා (6790) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අනුර යසමිත් - බළපිටිය
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles