Divaina - ශ‍්‍රීලංකාවේ විවාහ නීතියෙන් ප‍්‍රංශයේ පුරවැසිභාවය ගන්න හැදූ - බංගලාදේශ ජාතිකයන් 4ක් පිටුවහල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ශ‍්‍රීලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප‍්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිව් දෙනෙකු 13 දින සවස ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන -විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබේ .

මෙම ජාවාරමට සම්බන්ධ ප‍්‍රංශයේ සරණාගතයින් සේ ලියාපදිංචි වී ඇති 35 හැවිරිදි ප‍්‍රථම බංගලාදේශ ජාතික පිරිමි දෙදෙනා 13 දින පස්වරු 2.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර යටතේ පැමිණ තිබුණි . ඒ අතර 13 දින පස්වරු 4.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඔවුන් අතරින් 50 හැවිරිදි පියෙකු සහ 20 හැවිරිදි දුවෙකු සිටියාය . පසුව මොවුන්ගෙන් දීර්ඝව සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී මෙම සියලූ සැලසුම් අනාවරණය කර ගැනීමට ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබේ . ශ‍්‍රී ලංකාවේ පවත්නා විවාහ නීතිය අනුව , දින 03 ක් ශ‍්‍රී ලංකාවේ ගත කළ පසු , ශ‍්‍රී ලංකාව තුළ තම විවාහය ලියාපදිංචි කළ හැකි නිසා ,එම අවස්ථාව භාවිතා කර , මෙරට තුළ දී විවාහය ලියාපදිංචි කර , පසුව එම පුරුෂයා ප‍්‍රංශය වෙත ගොස් , තම බිරිඳ ස`දහා පුරවැසිභාවය ඉල්ලා සිටීම මෙම ජාවාරමයි . ඉන්පසුව ප‍්‍රංශයේ සිට පැමිණි බංගලාදේශ ජාතිකයන් දෙදෙනා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් සහ දුව සහ පියා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් ද 5/13 දින සවස 5.30 ට පමණ ආපසු ඔවුන් පැමිණි රටවල් වෙත පිටුවහල් කර තිබේ

ගුවන්තොටුපොළ ටී.කේ.ජී.කපිල

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles