Divaina - කෝටියක රන් අහසින් එයි - නයිජීරියානු පිය පුතු දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p17 1රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට රැුගෙන ආ නෝර්වීජියානු පිය පුතු දෙපළක් 14 වැනිදා රාත‍්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

55 හැවිරිදි මෙම නෝර්වේ ජාතික පියා එරට ප‍්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පු හිමියෙකි. ඔහුගේ පුතා 18 හැවිරිදිය. ඔවුන් දෙදෙනා 14 වැනිදා රාත‍්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ඇඳගෙන පැමිණි කලිිසම්වල ඉන ප‍්‍රදේශයේ මෙම මාල, වළලූ සහ මුදු අඩංගු කිලෝ 01 යි ග‍්‍රෑම් 825ක් බර ස්වර්ණාභරණ තොගය ස`ගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත්, හිරුන් ගුණසිරි, චානක වේලාරත්න සහ ධනුෂ්ක අලහකෝන් යන මහත්වරු මොවුන් අත්අඩංගුවට ගත්හ. මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගලේවෙල මහත්මිය විසින් පවත්වන ලදී. එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර , මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ හයක මුදලක් දඩ මුදල් නියම කෙරිණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles