Divaina - සොරකම් කළ එළුවා අන්තර්ජාලයෙන් විකුණන්න හැදූ කත සහ තරුණයා රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

යාපනයේ කොඩිගාමම් ප‍්‍රදේශයේදී එළුවකු සොරකම් කළ කාන්තාවක් හා එම එළුවා අලෙවි කිරීමට සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ දැන්වීමක් පළ කළ තරුණයා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස චාවාකච්චේරී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ.

යාපනයේ මන්දාර්මඩම් පළාතේ එලූ‍පට්ටියකින් බැහැරට ගිය එළුවකු කාන්තාවක විසින් අල්ලා බැඳගෙන එම එළුවාට අයිතිවාසිකම් කියා ඒ එළුවා විකුණා දෙන ලෙස පළාතේ තරුණයකුගෙන් ඉල්ලීමක් කොට තිබේ.

එම තරුණයා එළුවාගේ ඡායාරූපයක් ද සහිතව එක්තරා සමාජ මාධ්‍ය ජාලයක දැන්වීමක් පළ කොට එළුවා සඳහා මිල ගණන් කැඳවා තිබේ.

එළුවාගේ නියම අයිතිකරු එම දැන්වීම දැක ඒ බව කොඩිගාමම් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය එළුවා සොරකම් කළ කාන්තාව හා එළුවා විකිණීමට තත් කළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles