Divaina - කුලියාපිටියේ ගැටුමට මා සම්බන්ධ යැයි කීම පට්ටපල් බොරුවක්; මධුමාධව අරවින්ද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 එරික් ගාමිණී ජිනප‍්‍රිය
 
madusaaa කුලියාපිටිය ගැටුමට මා සම්බන්ධ යැයි කීම පට්ටපල් බොරුවක්. මිනුවන්ගොඩ ගැටුමටත් මාගේ කිසිදු සම්බන්ධයක් නැති බව මධුමාධව අරවින්ද මහතා ප‍්‍රකාශ කරයි. ඊයේ පැවති පිවිතුරු හෙළ උරුමය විශේෂ මාධ්‍ය හමුව හා එක්වෙමින් එහි නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අදහස් මෙසේද ප‍්‍රකාශ කළේය.
 
 සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බළකාය විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ගැනයි අද කතා කරන්නට වෙලා තියෙන්නේ. ඊයේ කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත‍්‍රණකරු කියලා මට එරෙහිව නිර්මාණය කරන ලද ප‍්‍රවෘත්තිය සයිබර් අවකාශයේ ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. ඔවුන් මුල ඉඳන්ම වරද්දගෙනයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයේ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක්ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා ”සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා. එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප‍්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප‍්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවැන්නක් නොමැති බව. සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ගැටුම මේ රටේ ගෞරවණීය මිනිසුන් විසින් නොකරන නිසා ඒ ගැටුම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මඩ ප‍්‍රචාරයක් ලබාදී ඒ ගැටුම නැවත උත්සන්න කිරීමේ මංගල ප‍්‍රහාරය අසාර්ථක බව අපට කියන්නට වෙනවා.
 
 ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සියලූ දෙනාම දන්නවා.
 
 මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද සහභාගී විය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles