Divaina - සභාවක් ලජ්ජාවට පත්කළ මන්තී‍්‍රගේ ක්‍ෂණික කෝපය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

 ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල

 
mic ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව පූර්වාදර්ශයට ගෙන කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මාසික සැසිවාරයේ දී ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු වන ඩොනිමික් රණසිංහ මහතා සභා ගැබේ දී තමන්ට අදහස් දැක්වීමට තමන්ට ලබා දුන් මයික‍්‍රපෝනය ක‍්‍රියාවිරහිතවීම නිසා සභාපතිවරයා ඉදිරියේම පොළවේ ගසා කඩා දමනු ලැබීය.
 
 පසුගිය 09 වන දින කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා සැසිවාරය සභාපති අචල නිමන්ත වික‍්‍රමතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
 පසුගිය අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරු දින ලංකාවේ මෙන්ම ලෝක ජනතාව කම්පාවට පත්කරමින් අයිඑස් ත‍්‍රස්තවාදීන් සිදුකළ මිලේච්ඡු මිනිස් ඝාතනය පිළිකුල් සහගතව හෙළා දැකීමට සහ මියගිය ශ‍්‍රී ලංකාවාසි කිතුණු බැතිමතුන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ශෝකය ප‍්‍රකාශ කිරීමට අදහස් දැක්වීම මෙදින සභාවේ විශේෂ දිනයක් විය. මෙම යෝජනාව සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයකු වන අසංක ප‍්‍රදීප් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.
 
 කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව ජනතා නියෝජිතයින් 44 දෙනෙකුගෙන් සැදුම්ලත් දේශපාලන පක්ෂ 05 ක් නියෝජනය කරයි. ශෝකය ප‍්‍රකාශ කිරීමේ යෝජනාවට අනුව මෙදින අදහස් දැක්වූ අතර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එ.ජා.ප මන්ත‍්‍රීවරියක වන ඉන්ද්‍රානි නිරෝෂනී මහත්මිය අදහස් දැක්වීම ආරම්භ කළ මොහොතේම ඩොනිමික් රණසිංහ මන්ත‍්‍රීවරයාට අදහස් දැක්වීම සඳහා මයික‍්‍රපෝනයක් ලබා දුන්නත් එය කීපවතාවක්ම ක‍්‍රියාවිරහිතවීම නිසා ඔහුට අදහස් දැක්වීමට නොහැකි විය.
 
 මෙයින් කෝපයට පත් මන්ත‍්‍රීවරයා ක්ෂණිකවම මයික‍්‍රපෝනය සභාපතිවරයා ඉදිරියේම පොළවේ ගසා කඩා දමන ලදී.
 
 කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ මෙවැනි අකරතැබ්බයක් වූ ප‍්‍රථම වතාව මෙය වන අතර මෙම අශෝභන සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරන සියලූ මන්ත‍්‍රීවරුන් දැඩිසේ විරෝධය පළ කර සිටි අතර ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු මෙම සිදුවීම හෙළා දකිමින් සභා ගැබේන් ඉවත් වීමට සූදානම් වූ මොහොතේ සභාපතිවරයා විසින් එය වළක්වනු ලැබීය.
 
 මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කළ ඩොනිමික් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මයික‍්‍රපෝනය ක‍්‍රියාවිරහිතවීම නිසා තමන්ට ක්ෂණිකව කෝපයට පත් වූ බවත් මින් නිසා සභාවට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවද භාණ්ඩයට සිදුවූ අලාභය ද තමන් ගෙවීමට කැමැත්තෙන් සිටින බවත්ය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles