Divaina - යාපනේ මුස්ලිම් නිවසක තිබී හමුවූ භූගත බංකරය අන්ත වාදීන් හැදු එකක් නිවසේ අයිතිකරු ආරක්ෂක අංශවලට කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 දිනසේන රතුගමගේ
 
 bankaraya333යාපනයේ නාවන්තුරේ ප‍්‍රදේශයේ මුස්ලිම් නිවසක තිබී හමු වූ භූගත බංකරය මීට මාස හයකට පමණ ඉහතදී මුස්ලිම් කණ්ඩායමක ඉල්ලීම මත තැනූ බව එම නිවසේ අයිතිකරු ආරක්ෂක අංශ වලට පවසා තිබේ.
 
 පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඒ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම භූගත බංකරය හමු වූ අතර එම තුන් මහල් නිවස අයිතිකරුගෙන් ප‍්‍රශ්න කළ මොහොතේ ඔහු පවසා තිබුණේ එය යුද සමයේදී ආරක්ෂාව වෙණුවෙන් ඉදිකළ එකක් බවයි.
 
 අදාල සැකකරු පොලීසියට බාරදීමෙන් අනතුරුව ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා අත්තේ මුස්ලිම් සංවිධානයක පිරිසක් විසින් ඔවුන්ගේ මුදලින් තම නිවසේ එම භූගත බංකරය ඉදි කරණ ලද බවයි.
 
 භුගත බංකරයක් හා සිරමැදිරියක් තනන ලෙස ඔවුන් පෙදරේරුවකුට පවසා ඔවුන්ට අවශ්‍ය අන්දමට ඒ ඉදිකිරීම් සිදු කළ බවද සැකකරු පොලීසියට පවසා තිබේ. අදාල පුද්ගලයා විසින් යාපනය පොලීසියට කරණ ලද ප‍්‍රකාශයට අනුව පොලීසිය මෙම කතාවේ සත්‍යතාවය හෙළි කර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles