Divaina - දින 43ක බිළි`දියට නොසැලකූ මව අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

අනියම් සැමියාට දාව ඉපදුණ දින 43 ක්‌ වයසැති ළදැරියකට නොසලකා හැර කෲරත්වයට පත් කිරීමේ චෝදනා මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිදරු මවක්‌ රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණ සිඟිති දියණිය ගම්පහ ප්‍රදේශයේ ළමා නිවාසයකට භාර දෙන ලෙසට පොලිසියට නියම කෙරුණි. රාජාංගණය යාය 18 ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන ඉසංකා මධුෂානි කරුණාරත්න නමැත්තියව මෙසේ රිමාන්භාරයට පත් කෙරුණි. රිමාන්ඩ්භාරයට පත් මවට අවුරුදු 23 ක සහ 18 ක දරුවන් දෙදෙනෙකු සිටින බවත් අනියම් ඇසුරක්‌ හේතුවෙන් ඉපදී ඇති සිඟිති දරුවා නාවුල සහ දාගොන්නේ පදිංචි දෙපාර්ශ්වයකට දරුකමට හදා ගැනීමට ලබාදී සැකකාර මව නැවත ආපසු දරුවාව ලබා ගැනීමෙන් පසු එක්‌ පාර්ශ්වයක්‌ කළ පැමිණිල්ල මත සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles