Divaina - වකුගඩු රෝග නිවාරණයට පිළියමක්‌ ලෙස දේශීය වී වගාවක්‌ පටන් ගත්තත් එය එජාප රජයෙන් එය අඩාල කළා - මහාචාර්ය චන්න ජයසුමන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

අනුරාධපුරයේ පදවියෙන් පටන්ගත් කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ 2002 පටන් විවිධ පර්යේෂණයන් පවත්වා මේ රෝගය පැතිරීමට මූලික හේතුව කෘෂි රසායන බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙන් පසු ඊට පිළියමක්‌ ලෙස කෘෂි රසායනවලින් බැහැර වී දේශීය වී වගා වැඩසටහනක්‌ අනුරාධපුර දිසාවේ පවුල් පනස්‌ දහසක්‌ අතර 2014-15 මහ කන්නයේදී ආරම්භ කළ නමුත් 2015 ජනවාරි බලයට පත් රජය එය නොසලකා හැරීම නිසා වැඩසටහන කඩා කප්පල් වූයේ යෑයි මහාචාර්ය චන්න ජයසුමන මහතා මැදවච්චිය ඉහළ තම්මැන්නාවේදී පැවැති වකුගඩු රෝගීන්ගේ රැස්‌වීමේදී පැවසීය.

ඉහළ තම්මැන්නාව සහ අවට ගම්වල සිටින වකුගඩු රෝගීන් සියයක්‌ පමණ දෙනා කැඳවා ඔවුන්ට පිළිපැදිය යුතු කරුණු සඳහා උපදෙස්‌ ලබාදීමට ලීඩිං ක්‌ලබ් තරුණ සමාජය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මැදවච්චිය ප්‍රදේශයේ පමණක්‌ වකුගඩු රෝගීන් තුන් දහසකට වැඩියි. අනුරාධපුර දිසාවෙ තමයි අති බහුතරයක්‌ වකුගඩු රෝගීන් ඉන්නෙ. නමුත් ජාත්‍යන්තර වකුගඩු රෝහල පොලොන්නරුවේ වකුගඩු රෝගයටත් දේශපාලනය.

වකුගඩු මාරයා අපේ රටට බෝ වුණේ කෘෂි රසායන මගින්. මේවා නවත්වන තුරු වකුගඩු රෝගය නවත්වන්න බෑ. බටහිර කෘෂි රසායන ගොවිතැනට යොදලා වකුගඩු රෝගීන් බෝවුණාම වකුගඩු රෝගීන් මැරෙන්න නොදී තබා ගන්න බටහිර ඖෂධ වෙළෙ¹ම කරගෙන යනවා. මේක ජාවාරමක්‌.

මෙය නවත්වන්න 2014 මහ කන්නයේදී අනුරාධපුර දිසාවේ පවුල් පනස්‌ දහසකට නොමිලයේ දේශීය බිත්තර වී ලබා දීලා ජාතික වැඩසටහනක්‌ පටන් ගත්තා එවකට පැවැති රජයෙන් නමුත් 2015 ජනවාරි බලයට පත් එජාප රජය එය කඩා කප්පල් කළා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අපේ රටේ දේශපාලනයට බරපතළ රෝගයක්‌ වැළඳිලා. එක්‌ රජයක්‌ කරගෙන ආ හොඳ හෝ නරක වැඩසටහනක්‌ ඊළඟට බලයට පත්වන රජයෙන් අත පල්ලට දැමීම ප්‍රතිපත්තියක්‌ වී තිබෙනවා. ඊට හේතුව අපේ රටට කිසිවෙකුට හොල්ලන්න බැරි ජාතික ප්‍රතිපත්තියක්‌ නොතිබීමයි. දේශපාලන කාරයෝ තාවකාලික මිනිස්‌සු. නමුත් දේශපාලනය නිසා වෙනස්‌ නොවන ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක්‌ රටකට තියෙන්න ඕන. අප සමග එකවර නිදහස ගත් ඉන්දියාව අද ඉදිරියට ගොස්‌ ඇත්තේ ඔවුන්ට දේශපාලනයෙන් වෙනස්‌ නොකළ හැකි ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක්‌ තිබීම නිසයි. අපි දවසින් දවස පල්ලමට ඇද වැටෙන්නේ ස්‌ථාවර ජාතික ප්‍රතිපත්තියක්‌ නැති නිසයි. මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එප්පාවල - රත්න බී. ඒකනායක

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles