Divaina - ත‍්‍රස්තවාදී සිද්ධීන්ට සැක දෙදෙනකු වරකාපොළදී අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p17 1වරකාපොළ විශේෂ - සරත් ආනන්ද ලියනගේ, අතිරේක වසන්ත කුමාර මාපා ත‍්‍රස්තවාදී වැඩපිළිවෙළට සම්බන්ධ යැයි සැකකරන සැකකරුවන් දෙදෙනකු හා වෑන් රථයක්, යතුරු පැදියක්, වෝකිටෝ යන්ත‍්‍ර 4 ක් වරකාපොළ නගරයේ මස්ජීඞ් මාවතේ නිවසකින් පෙරේදා (23 වැනිදා* රාත‍්‍රී 7.30 ට පමණ අත්අඩංගුවට ගත් බැව් වරකාපොළ පොලිසිය සඳහන් කරයි.
 
 මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය බව තොරතුරු අනාවරණය වේ. මීට අමතරව වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී හෙම්මාතගම ප‍්‍රදේශයේ පදිංචි මව්ලවිවරයකුද පොලිස් අත්අඩංගුවටගෙන ප‍්‍රශ්න කිරීම සඳහා වරකාපොළ පොලිසියට භාරදී ඇති බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වරකාපොළ පොලිසිය මේවන විටත් ප‍්‍රශ්න කිරීම සිදුකරගෙන යන අතර අනතුරුව සැකකරුවන් තුල්හිරිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 වරකාපොළ නගරය ඇතුළුව වරකාපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේවන විට ආරක්‍ෂා තරකර තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles