The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

එප්පාවල - රත්න බී. ඒකනායක

anurada12016 යල, 2016 - 17 මහ, 2017 යල වැහි දිය හා වැව් දිය නැති වීමෙන් අනුරපුර බොහෝ ප්‍රදේශවල වී වගාව පාළු විය. වතුර නැති වීම ප්‍රධානතම හේතුව විය.
 
 මහවැලි එච් කලාපයේ කුඹුරු අක්‌කර අසූදහසක්‌ පමණ ගොවිතැන් කරන්නේ කලාවැවට එකතු වන මහවැලි ජලයෙනි. 2016 යල් කන්නයේදී කලාවැවේ අක්‌කර අඩි 90000 ක තරම් ජලය පිරී තිබියදී ගොවියන්ට නොකියා මහවැලි බලධාරීන්ගේ තීරණ අනුව වී වගාවට ජලය දුන්නේ නැත. ඊට හේතුව වී ඇත්තේ මේ රටේ වී නිෂ්පාදනය අතිරික්‌ත නිසා මහා වාරිමාර්ග යටතේ කෙරෙන වී වගාවන් පාලනය කිරීමට ඉහළින් උපදෙස්‌ ලැබීම නිසා යයි දැනගන්නට ලැබිණ. ඒ නිසා මහවැලි එච් කලාපය තුළත් එම යල් කන්න පාළු වී ගිය අතර කන්නයකට වී මෙටි්‍රක්‌ ටොන් එක්‌ලක්‌ෂ හැටදහසක්‌ පමණ නිපදවන එච් කලාපයේ වී අස්‌වැන්න රටට තියා ගොවීන්ටත් නැතිව ගියේය.
 
 නව රජය බලයට පත්වූයේ 2014/15 මහ කන්නයේ අස්‌වනු ලැබෙමින් තිබියදීය. සම්බා වී කිලෝව රුපියල් 45 ට, නාඩු වී කිලෝව රුපියල් 38 ට වශයෙන් ඊළඟට පැවැත්වෙන මැතිවරණය ඉලක්‌ක කොට රජය වී මිල වැඩි කරනු ලැබීය. කලාතුරකින් ලැබුණ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ගොවියෝ කෑමට ගෙදර තබාගෙන සිටි වී ටික පවා වැඩි මිලට වී අලෙවි මණ්‌ඩලයට විකුණනු ලැබීය. මේ නිසා රජය බලාපොරොත්තු නොවූ පරිදි විශාල වී තොගයක්‌ වී අලෙවි මණ්‌ඩලයට ලැබිණ. වී අලෙවි මණ්‌ඩලයට ලැබුණ වී තොග කෙතරම් ද යත් මත්තල ගුවන්තොටුපළේ ගබඩාවලද ඔයාමඩුව දැයට කිරුළ ගොඩනැඟිලිවලද වී තොග ගාල් කරන්නට සිදු විය.

anurada2මෙසේ ලැබුණ අති විශාල වී තොග අනුව රටේ වී නිෂ්පාදනය අතිරික්‌ත වී ඇතැයි තීන්දු කළේ රජය මෙසේ අතිරේක ගබඩාවල ගාල් කර තිබූ වී මෙටි්‍රක්‌ ටොන් 90000 ක්‌ රුපියල් 38 බැගින් ගත් වී රුපියල් 24.50 ට පිටට විකුණන ලද අතර තවත් තොගයක්‌ මත්පැන් පෙරීමට අලෙවි කරන ලදි. වැස්‌ස වළාහක දෙවියෝ රජරටට පිටුපෑහ. ඒ නිසා 2016 යල් කන්නයේ වැස්‌ස නැතිකමින් වී වගාව නැති විය. 2016Ý17 මහ කන්නද වැස්‌ස නැතිකමින් වී වගාව පාළු වූ අතර 2017 යල් කන්නද වැස්‌ස නැතිකමින් වී වගාව නැති විය. පාලකයන්ට මොන මොන හේතු දක්‌වා හෝ මහජනයා නොමඟ යෑවීමට පුළුවන. නමුත් දෙවියන් රැවටීමට නුපුළුවන. 2016 යල් කන්නයේදී කලාවැවේ වතුර පිරී තිබියදී වී වගාවට වතුර නොදුන් නිසාද වී අතිරික්‌තයක්‌ ඇතැයි කියා බුද්ධ බෝගය මත්පැන් පෙරීමට, විකිණීම නිසාද උරණ වූ දෙවිවරු 2016 යල, 2016 - 17 මහ, 2017 යල වී වගාවට වැස්‌ස නොදී වැවට ජලය නොදී වී වගාව අඩපණ කර දැමූහ. ඉතිහාසයේ කවරදාකවත් එක දිගට වී ගොවිතැන කන්න තුනක්‌ මෙසේ පාළු නොවීය. නමුත් මෙදා මෙසේ සිදු වූයේ දෙවියන් උරණ වී සිටින නිසා බව ගොවියෝ කියති. දැන් 2017-18 මහ කන්න උදා වී ඇතත් තවමත් වැව් පිරී යන්නට හරිහමන් වැසසක්‌ ලැබී නැත.
 
 මහවැලි එච් කලාපයේ අක්‌කර අසූදහසක වී වගාවට තවමත් කලාවැවෙන් මහවැලි ජලය නිකුත් කිරීමට මහවැලි බලධාරීන් තීරණය කර ඇත. ඊට හේතු වී ඇතැයි කියන්නේ කලාවැවට මහවැලි ජලය එන බෝවතැන්න ප්‍රදේශයේ අලුත්වැඩියාවක්‌ කිරීමය. දැනටමත් කලාවැවේ අක්‌කර අඩි හැටදහසක පමණ ජලය ඇතත්, ඒවා නිකුත් කර ගොවියන් වී වගාවට බැස කරගෙන යද්දී කලාවැවේ වතුර නිම වන විට උඩතින් කලාවැවට වතුර නාවොත් ගොවියන් අමාරුවේ වැටේ. මේ නිසා අලුත්වැඩියාව නිම වී උඩතින් වතුර ලැබෙනතුරු වී ගොවිතැනට යැම අවදානම් බව මහවැලි එච් කලාපයේ නියෝජ්‍ය නේවාසික කළමනාකාර (තාක්‌ෂණ) ප්‍රේමලාල් මහතා සඳහන් කරයි. කෙසේ වුවද ඉතිහාසගත කරුණු අනුව බුදුන් දවසේ පටන් වප්මඟුල් පවත්වා වී වගාව පටන් ගත්තේ වප් මාසයේය. දැන් වප් මාසය ගෙවී හමාරය. ගොවිතැන් පටන් ගත යුතු මාසය ගෙවී යැම නිසා කල්පහු වී කරන වී ගොවිතැනට කෘමි ආබාධ, අනෝරා වැසි, විවිධ ලෙඩ රෝග, අස්‌වනු හීනවීම් වැනි තත්ත්වයන් ඇති වන බව පළපුරුදු ගොවියෝ කියති. කන්න තුනක්‌ම වැරදි ගිය තැන, ගෙදර කෑමට වී ඇටයක්‌වත් නැතිව කලාපීය බහුතරයක්‌ ගොවීන්ට පාන් රොඩු ගිලින්නට සිදුව ඇති නිසාද රටට බත දුන් ගොවීන්ට දැන් සහනාධාර ලුහුබැඳ යන්නට සිදුව ඇති නිසාද හරි ගියත්, වැරදුනත් මෙදා වී ගොවිතැනට බහින්නට සිදුව ඇත. මී මෙටි්‍රක්‌ ටොන් එක්‌ ලක්‌ෂ හැටදහසක්‌ රටට ලබාදුන් මහවැලි එච් කලාපීය ගොවියෝ අද රජයෙන් දෙන සහනාධාර මල්ල ලැබෙන තුරු බලා සිටිති.
 
 මේ කන්නද අසාර්ථක වුවහොත් මහවැලි එච් කලාපීය ගොවීන්ට යන එන මං නැත. වැව් පිරෙන්නට වැසි ලැබුණත් දේශීය වාපි සංස්‌කෘතිය මහවැලි එච් කලාපයෙන් ගලවා දමා එප්පාවල ප්‍රදේශයේ පැවති බොහෝ වැව් බිම්වලත් කුඹුරු අස්‌සැද්දු නිසාත් සමහර වැව් නටබුන් වන්නට හැරි නිසාත් මහවැලියේ වතුර එනතුරුම ගොවිතැනට බැසීමට නොපුළුවන. ගොවියන් බහුතරය ඊට හුරු වී ඇත. කෙතරම් වැසි වැටුණත් මහවැලි වතුර එනතුරු කුඹුරට පය තියන්නේ නැත.
 
 මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට සිවුවැනි වරටත් මහවැලි එච් කලාපයේ වී ගොවිතැන අසාර්ථක වන ලකුණු දැන් පහළ වී තිබේ. ගොවියන් දැන් කළ යුත්තේ පැරණි සිsරිත් විරිත් අනුව ගමේ සංහිදට ගොස්‌ ගම්බාර දෙවියන්ට බාර වී, කලාවැවේ කඩවර දෙවියන්ට පුද පූජා පවත්වා වැහි පිරිතක්‌ කියා බාර වී සිරිමා බෝ සමිඳුන් වෙත ගොස්‌ "බුදුන්ගේ භෝගය" මේ වාරයේදීවත් හදා වඩා ගැනීමට වැහි පොදක්‌ ලබාදෙන ලෙස කන්නලව් කොට බාරහාර වීමය.

 

 


 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles