Divaina - පාරක් නැතිව අකාලයේ මිලාන වූ කලවැල්රුප්ප ගම - පහසුකම් නැතිකමින් ගැමියෝ ගම අතහරිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p18 1- කඩෙන් ලූණු ටිකක් ගෙනාව නම්  අනිත් හැම දේම මේ ගමේ තිබුණා ඞී. එම්. හීම්මැණිකා

යන්නට එන්නට හරි හැටි පාරක් තොටක් නොමැති ගම්මාන රැසක්ම වියලූව ආසනය පුරාම තවමත් දැකගන්නට තිබේ.

මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිතුලාන කඳුපාමුල පිහිටි කලවැල්රුප්ප ගම්මානයද දියුණුවේ අරුනැල්ලක් පවා නොවැටුණු එබඳු ගම්මානයකි.

ගැමි සිරියාව අඩුවක් නැතිව විඳගත හැකි මෙහි මුළු ජනගහනය සිව් දෙනෙකි. පවුල් ගණන දෙකකි.

අදින් දසක තුන හතරකට පෙර මෙහි පවුල් තිහ හතළිහක් ජීවත් වුවද පොදු පහසුකම් නැතිකම නිසා ගමේ සියලූ දෙනාම ගම අතහැර කඳුපාමුල පිහිටි වෙනත් ගම්මානවලට සංක‍්‍රමණය වූ බව මේ ගම පාමුල පිහිටි පුවක්ගහවත්ත ගම්වාසීහු පවසති.

මීගහකිවුල නගරයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් මෙම ගම්මානය පිහිටා ඇත.

කිසිඳු පොදු පහසුකමක් නැතත් ගමේ වතු පිටි හැරදා යෑමට නොහැකි නිසා තමුන් මේ ගමේ රැුඳී සිටින බව මේ ගමේදී අපට හමුවූ ඞී. එම්. මුතුබංඩා මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මහත්තයෝ මේක හරිම දුෂ්කර ගමක්. හරියට පාරක් නැහැ. තියෙන අඩි පාරත් මිනිහෙකුට යන්න පුළුවන් එකක් නෙමෙයි. ගමට එන පාර හරිම දුෂ්කරයි. දැන්නම් යන්තම් පහළ පුවක්ගහවත්ත ගමට හරි පාර කපල තියෙනවා. ඒත් ඉස්සර මීගහකිවුලේ p18 2ඉඳල කැටවත්තට ආවම එතන ඉදන් හැතැප්ම පහක් විතර එක දිගට කන්ද නැගල තමයි මේ ගමට එන්න ඕන.

මේ පාර අමාරුකම ගැන කාට කීවත් ඒ අය අපිට උදව් කළේ නැහැ. බැරිම තැන මිනිස්සු ගම දාල යන්න ගියා. මේ ගමේ හිටිය හැමෝම වගේ ගම අතඇරල ගියේ පාරක් නැතිකම නිසයි.

ඞී. එම්. හීම්මැණිකා මහත්මිය :

මහත්තයෝ මේක අත ඇරල යන්න ඕනි ගමක් නෙමෙයි. කඩෙන් ලූණු ටිකක් ගෙනාව නම් අනිත් හැම දේම මේ ගමේ තියෙනවා. ඒත් දරවෙකුට ඉගෙන ගන්න, හරියට බේත් ටිකක් ගන්න මේ ගමේ කාටවත් පහසුකමක් නැහැ. මිනිස්සු බැරිම තැන තමයි යන්න  ගියේ. කවදාවත් ආයෙ මේ ගමට මිනිස්සු ඒවි කියල මම හිතන්නේ නැහැ.

අපි මෙම ගම පුරා ඇවිද්දෙමු කිතුලාන කඳුවැටියේ අක්කර ගණනාවක් පුරා පැතිර ගිය කලවැල්රුප්ප ගම අද පාලූ පිටියක් බඳුය . කලකට පෙර පවුල් ගණනාවක් මෙහි ජීවත්වූ බවට සාක්ෂි සාධක රැසක් ගම පුරා තැන තැන දැක ගන්නට ඇත.

ගල් වලින් බඳින ලද විශාල ගල්වැටි, ගරාවැටුණූ නිවෙස්වල අත්තිවාරම් ආදිය මෙහි මිනිසුන් ජීවත් වූ බවට සාක්ෂි සපයයි.

ගම පුරාවටම මුල සිට ඵල දැරූ කොස්, දෙල්, අඹ ආදී ගහකොලය. ඒවා නගරයට රැුගෙන යෑමේ අපහසුව නිසාම ඒවා ගස්යටම ඉදි කුණුවී විනාශ වන බව පහළ ගම්මානවල පිරිස් අප සමග පැවැසීය.

කන්දකැටිය - ජී. චතුරංග
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles