Divaina - කර්මාන්තකරුවන්ට දීමට රජය උතුරින් අක්කර 72,000 ක් ගන්න හදනවා - ටීඑන්ඒ මන්ත‍්‍රී නිර්මලනාදන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

factoryවිවිධ සමාගම්වලට හා කර්මාන්තකරුවන්ට ලබාදීම සඳහා වවුනියාව හා මන්නාරම පළාත්වලින් ඉඩම් අක්කර 72,000 ක් ලබා ගැනීමට රජය සැලසුම් කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසීය.

මෙතරම් විශාල ඉඩම් ප‍්‍රමාණයක් වවුනියාව හා මන්නාරම පළාත්වලින් පෞද්ගලික සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ලබාදීම නිසා මේ පළාත් දෙකේ වනාන්තර රැුසක් විනාශ වන බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

මෙම ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු හා මැනුම් කටයුතු දැනටමත් ආරම්භ කොට ඇතැයි පවසන මන්ත‍්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය ඊට විරුද්ධ වන බව ද පැවසීය.

මෙම ඉඩම්වලින් විශාල ප‍්‍රමාණයක සූර්ය කෝෂ විදුලි බලාගාර ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සියල්ලක්ම ආරම්භ කරනු ලබන්නේ විදේශීය සමාගම් බවත් කියා සිටින මන්ත‍්‍රීවරයා තවදුරටත් පැවසුවේ එම ව්‍යාපෘතීන් නිසා මහජනතාව විවිධ පරිසර ගැටලූවලට හා සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙන බවයි.

තමන් මේ පිළිබඳව මුලින්ම පාර්ලිමේන්තුවේ හඬක් නඟන බව ද අනතුරුව ඊට එරෙහිව පක්‍ෂය සමඟ සාකච්ඡුා කොට යම් වැඩපිළිවෙළක් දියත් කරන බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

දිනසේන රතුගමගේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles