Divaina - මහමඟදී කාන්තාවක හිංසනයට ලක්කළ ති‍්‍රරෝද රථ රියැදුරු රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

triපසුගිය දිනක මහමඟදී කාන්තාවක් හිංසනයට ලක්වන ආකාරයෙන් හැසිරුණු ති‍්‍රරෝද රථ රියැදුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19 දා* කොළඹ අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ඉකුත් දිනක ගාලූ පාරේ බම්බලපිටිය ප‍්‍රදේශයේ ආලෝක සංඥා පුවරුවක් අසලදී කාන්තාවක විසින් පදවාගෙන ආ මෝටර් රථය අසලට සිය ත‍්‍රිරෝද රථය පදවාගෙන ආ අදාළ පුද්ගලයා ඇඟිල්ලක් උපයෝගී කරගනිමින් එම කාන්තාව වෙතට කිසියම් ලිංගික සංඥාවක් නිකුත් කරමින්, පසුව ඇයගේ දුරකථන අංකයද ලබාදෙන ලෙස ඉල්ලමින් මෝටර් රථය පසුපස ලූහුබැඳ තිබිණි.

ඒ අවස්ථාවේදී සිද්ධියට මුහුණදුන් අදාළ කාන්තාව සිදුවූ සියල්ල සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර පසුව එය අන්තර්ජාලයට එක්කර තිබිණි.

ඒ අනුව එම දර්ශන ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය, අසංවරව හැසිරුණු අදාළ ති‍්‍රරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සුජීව තත්සර

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles