Divaina - කම්කරු නිලධාරියා කාමරයක සිරකළ පසු ඇඟලුම් කම්හලේ වැටුප් එදිනම ගෙවලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

බෝගොඩ රත්නායක
 
money135 බදුල්ල පස්‌සර පාරේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවනA හට මාස දෙකක වැටුප ලබා නොදීම පිළිබඳව විරෝධය දක්‌වමින් එම සේවක සේවිකාවන් විශාල පිරිසක්‌ 14 දා දහවල් බදුල්ල දිස්‌ත්‍රික්‌ කම්කරු කාර්යාලයට පැමිණ තම ගැටලුවලට විසඳුම ලබා දෙන මෙන් ඉල්ලා දැඩි විරෝධතාවක නිරතව වූහ.
 
 අදාළ ඇඟලුම් හලේ පාලනාධිකාරිය විසින් සේවක සේවිකාවන්ට සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන් කම්කරු කාර්යාලයට කිහිප වතාවක්‌ම පැමිණිලි ඉදිරිපත් කළ ද පලක්‌ නොවූ බවට චෝදනා කළ ඔවුහු තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම කාර්යාලයේ නිලධාරි මහතෙක්‌ කාර්යාල කාමරයක්‌ තුළ නිවාස අඩස්‌සියට පත් කොට තැබූහ.
 
 බදුල්ල නාගරික මන්ත්‍රී (ජවිපෙ) නන්දන හපුගොඩ මහතා ද සේවකයන් වෙනුවෙන් මෙම අවස්‌ථාවට සහභාගිව සිටි අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හා කම්කරු නිලධාරීන්ගේ මැදිහත් වීම මත අදාළ සේවකයන්ට හිමි ඉකුත් ජනවාරි මස වැටුප එදිනම ලබා දීමට ඇඟලුම් කම්හල් බලධාරීන් එකඟ වීම මත පැය කීපයකට පසුව විරෝධතාව අවසනA කොට පිරිස විසිර ගියහ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles