Divaina - මාරක රිය අනතුරකින් මියගිය තිදරු මවගේ මළසිරුර ගොඩගැනේ; සැමියා රිමාන්ඩ්... මිනීමැරුමක්‌ බවට සැකයක්‌!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
- මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයට
 
 වාද්දුව විශේෂ - සේපාලි ගුණසිංහ, කළුතර සමූහ - විඡේසිරි විද්‍යාසේකර, වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා
 
 මාස දෙකකට පෙර කුරුණෑගල දී සිදුවූ මාරක රිය අනතුරකින් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව වස්‌කඩුව පොදු සුසාන භූමියේ භූමදානය කළ කාන්තාවකගේ මළසිරුරක්‌ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන මහතා හා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේ ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවන ලදී.
 
 රිය අනතුරකින් මියගිය වස්‌කඩුවේ පදිංචිව සිටි කුමුදුනී උදේශිකා (38) නමැති තිදරු මවගේ මරණය මිනීමැරුමක්‌ බවට සැකයක්‌ ඇති බවට තිදරු මවගේ ඥතීන් කුරුණෑගල අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව කුරුණෑගල මහෙස්‌ත්‍රාත්වරයාගේ දැනුම් දීමෙන් අනතුරුව කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන මහතා හා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඉදිරිපිටදී මළසිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ ජාතික රෝහලට යොමුකර ඇත.
 
 වස්‌කඩුවේ පදිංචි කුමුදුනී උදේශිකා (38) නමැති තිදරු මව හා ඇගේ ස්‌වාමි පුරුෂයාද දරුවන් තිදෙනා සමග කුරුණෑගල ප්‍රදේශයේ උත්සවයකට ගොස්‌ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ඇය ලක්‌ව තිබේ.
 
 තිදරු මවගේ මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක්‌ නොව මිනීමැරුමක්‌ බවට මියගිය කුමුදුනී උදේශිකාගේ ඥතීන් කුරුණෑගල අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව කුරුණෑගල පොලිසිය මගින් පරීක්‍ෂණයක්‌ පවත්වා ඇගේ ස්‌වාමිපුරුෂයා පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.
 
 ගොඩගත් මළසිරුර ඥතීන් විසින් හඳුනාගෙන තිබේ.
 
 මළසිරුර ගොඩ ගන්නා තුරු 14 උදේ සිට වස්‌කඩුව පොදු සුසාන භූමියට වාද්දුව පොලිසිය විසින් ආරක්‌ෂාව යොදා තිබිණි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles