Divaina - අගලවත්තේ 11 හැවිරිදි පාසල් දරුවා පිළිස්‌සු කුඩම්මා රිමාන්ඩ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 මහිලාල් පද්මසූරිය - අගලවත්ත
 
kudamma135 අගලවත්ත පොලිස්‌ වසමේ තැන්නහේනේ 11 හැවිරිදි පාසල් සිසුවකු ගිනිපෙනෙල්ලකින් පුළුස්‌සා කෲර වදහිංසාවට ලක්‌ කළ දරුවාගේ කුඩම්මා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
 
 අගලවත්ත ඇඟලුම් කම්හලක සේවිකාවක්‌ වන 36 හැවිරිදි සැකකාර කාන්තාව තම සැමියා හා දරු දෙදෙනා අතහැර තැන්නහේන ප්‍රදේශයේ එක්‌ දරු පියෙක්‌ සමඟ ජීවත්ව ඇති අතර ඔහුගේ දරුවාට මෙසේ හිංසා කර තිබේ.
 
 තම මුදල් පසුම්බියෙන් රු. 300 ක මුදලක්‌ සොරාගෙන ඇති බවට චෝදනා කරමින් මෙසේ ගිනිපෙනෙල්ලෙන් පුළුස්‌සා ඇති අතර දරුවා පසු දින පාසල් යැමෙන් පසු උණ ගැනීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි.
 
 එහිදී තම කුඩම්මා තමාව පිළිස්‌සූ බව පැවසීමෙන් පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
 දරුවාගේ පියා ද නිතර බීමතින් පැමිණ කලහ කිරීම හා ඔහු ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවේ නම සඳහන් අයකු බවට හඳුනාගෙන ඇති හෙයින් දරුවාගේ භාරකාරත්වය මිත්තණියට පැවරීමට ද මෙහිදී අධිකරණය කටයුතු කර ඇත.
 
 සිද්ධිය පිළිබඳව අගලවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති තරංග සුරේෂ් මාවතගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්‌ථානාධිපති උ. පො. ප. සුමතිපාල ගල්පාය, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති ප්‍රීතිකා වික්‍රමාරච්චි ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles