Divaina - පාරේ ඉගිල්ලෙන්න ගිය කන්ටේනරය පාලමේ ඇන්දේ ගැටී පෙරළිලා; රියෑදුරුට බරපතළයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්
 
cuntaner444දඹුල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරයේදී තිරිඟු ඇට පටවාගෙන යමින් තිබූ කන්ටේනර් රථයක රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ පාලමක්‌ අසල පෙරළී යැමෙන් සිදුවූ රිය අනතුරකින් වෙළෙඳසැල් දෙකකට හානි සිදුවී පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
 ත්‍රිකුණාමලයේ සිට ජාඇලට තිරිඟු ඇට පටවාගෙන යමින් තිබූ කන්ටේනර් රථයක්‌ මෙලෙස ඊයේ
 
 (15 වැනිදා) උදෑසන 6.00 ට පමණ ගලේවෙල නගරයේදී එහි රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව ගලේවෙල නගරයේ ප්‍රධාන පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළෙඳ සැල් කිහිපයක ගැටී ඒවාද කඩාබිඳ දමමින් පාලමක ඇන්දක ගැටී මාර්ගය හරහා පෙරළී ගොස්‌ තිබේ.
 
 අනතුරින් කන්ටේනර් රථ රියෑදුරු හා සහායකයාද, මාර්¨ගය අසල සිටි පදිකයකුද තුවාල ලබා ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ කන්ටේනර් රථ රියෑදුරු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
 අනතුරින් වෙළෙඳසලක කුටියකට හා කන්ටේනර් රථයට බරපතළ හානි සිදුවී තිබිණි.
 
 අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles