Divaina - තේක්‌ක කඳන් පනස්‌තුනක්‌ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


  ඇලහැර - නිශ්ශංක වෙලගෙදර
 
 teakk135ප්‍රවාහන බලපත්‍රයක්‌ නොමැතිව රුපියල් ලක්‌ෂ පහක්‌ පමණ වටිනා තේක්‌ක කඳන් 53 ක්‌ ලොරියකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙක්‌ බකමූණ පොලිසිය විසින් පෙරේදා (14 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 බකමූණ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව සැකකරු සහ තේක්‌ක දැව සමග ලොරිය බකමූණ නගරයේ වටරවුම අසලදී පොලිස්‌ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 බකමුණ පොලිස්‌ වසමට අයත් නිකපිටිය ගම්මානයේ සිට බකමූණ දෙසට මෙම දැව ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්විය.
 
 සැකකරු සමග දැව ඊයේ (15 වැනිදා) උදේ හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට නියමිතව තිබිණි. පොලොන්නරුව පොලිස්‌ අධිකාරි ධම්මික වීරසේකර සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත රත්නපාල යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නලින් ගුණවර්ධන, පොලිස්‌ සැරයන් (9153) රසානායක, පොලිස්‌ සැරයන් (18170) සමරසිංහ, පොලිස්‌ කොස්‌තාපල් (71394) දිසානායක, (8896) නාලක දිසානායක, (91623) පැතුම් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
 
 බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති නලින් ගුණවර්ධන මහතා සමග පොලිස්‌ නිලධාරීන් දැව පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles