Divaina - රත්නපුර රෝහලේදී අපවත්වූ භික්‍ෂුවගේ දේහය භාර ගැනීමට කිසිවකු නෑ; මෘත ශරීරාගාරයේ දැනට දින පනහක්‌!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 රත්නපුර - යූ. අසිත ඉන්දික වීරවර්ධන , නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන
 
 bodරත්නපුර ශික්‍ෂණ රෝහලට පසුගිය දෙසැම්බර් 28 වැනිදා අමිතාලෝක නමින් ඇතුළත් කළ රෝගී භික්‍ෂූන්වහන්සේ නමක්‌ ජනවාරි මස 30 වැනි දින අපවත්වීමෙන් පසු එම ශ්‍රී දේහය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා එය රෝහල් මෘත ශරීරාගාරයේ දැනට දින පනහකට ආසන්න කාලයක්‌ තැන්පත් කර තිබේ.
 
 කිරිවත්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම රෝගී භික්‍ෂුන් වහන්සේ රෝහලට භාරදී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහු විසින් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක්‌ බැව් පෙනී යන බැව් රෝහල් ප්‍රකාශකයෙක්‌ කීය.
 
 අයිතිකරුවන් විසින් භාර නොගන්නා මෘත දේහයන් දින 90 ක්‌ තබාගෙන ඉන්පසුව රජයේ වියදමින් අවසන් කටයුතු කිරීම දැනට පවතින නීතිය බැව් රෝහල් කමිටු සාමාජිකයකුගෙන් කළ විමසීමකදී හෙතෙම දිවයිනට පැවසීය.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles