Divaina - පාසල් දැරිය ගැබිනියක කළ ඥාති ලොකු තාත්තා කෙනකු වන 68 හැවිරිදි සැකකරුගේ නිවස ගිනිබත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

රඹුක්‌කන - නිහල් පුෂ්පකුමාර
 
 grlරඹුක්‌කන, ප්‍රදේශයේ පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සහ ඊට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක්‌ ගිනි තබා විනාශ කිරීමේ පුවතක්‌ රඹුක්‌කන පොලිසියෙන් වාර්තා වේ.
 
 දූෂණයට ලක්‌ ව ඇති සිසුවිය වයස අවුරුදු 12 ක්‌ වන එම ගම් ප්‍රදේශයට ආසන්න පාසලක ඉගෙනුම ලබන සිසුවියකි. මව විදෙස්‌ගත පවුලක දැරියක වන ඇය දූෂණයට ලක්‌ව ඇත්තේ අසල්වැසියකු වන ඥාති ලොකු තාත්තා කෙනකු වන 68 හැවිරිදි අයෙකු අතිනි.
 
 මේ සිසුවියට මරණ තර්ජන කරමින් අවස්‌ථා ගණනාවකදී මොහු විසින් දූෂණය කර ඇති අතර සිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගිය දිනෙක අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාවනැල්ල රෝහලට ගිය අවස්‌ථාවකදීය.
 
 දැරියගේ සොහොයුරියක සමග රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍යවරයාට ඇතිවූ සැකයක්‌ මත සිදු කරන ලද වැඩිදුර පරීක්‍ෂණයකදී ඇය මාසයක ගැබිනියක බව අනාවරණය වී තිබේ.
 
 ඒ අනුව මාවනැල්ල රෝහල් පොලිසිය හරහා රඹුක්‌කන පොලිසිය දැනුවත් කර තිබේ.
 
 රඹුක්‌කන පොලසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මැල්කම් පේට්‌ මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂිකා ලක්‍ෂ්මි, කා. පො. කො. නිලූකා (9395), කා පො. කො. බුද්ධිකා (8128), සිවිල් ආරක්‍ෂක අංශයේ මයුරා යන නිලධාරිනියන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles