Divaina - මණ්‌ඩලයේ ජලය වසර හතක්‌ තිස්‌සේ හොරට විකුණලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

සිරිමන්ත රත්නසේකර
 
 water444

 

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට අතිවිශාල මුදලක්‌ අහිමි කරමින් වසර හතකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඉතා කූට ලෙස බණ්‌ඩාරගම වැඩ බලධාරි කාර්යාලයට අයත් ආදර්ශ මාවතේ පිහිටි බඩු ගබඩාව තුළ ස්‌ථාපිත බවුසර් සඳහා ජලය නිකුත් කරන ස්‌ථානයෙන් පානීය ජලය මහා පරිමාණයෙන් පුද්ගලික අංශයට ලබාදීමේ වංචාවක්‌ පෙරේදා (14 වැනිදා) රාත්‍රියේ කළ වැටලීමකින් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.
 
 එම මණ්‌ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක මහිලාල් සිල්වා මහතාට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක්‌ මත ඒ මහතා ආරක්‌ෂක අංශයේ සහ විගණන අංශයේ නිලධාරීන් සමඟ බණ්‌ඩාරගම පොලිසිය සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව කළ වැටලීමකදී මෙය අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
 
 පැය ගණනාවක්‌ මඟ රැක හිඳිමින් රාත්‍රී 9.30 ට පමණ එම නිලධාරින් බණ්‌ඩාරගම ජලසම්පාදන මණ්‌ඩලයේ වැඩබිම වෙත යන විට එහි ආරක්‌ෂක අංශයේ නිලධාරියාගේ සහාය ඇතිව පුද්ගලික ජල බවුසරයක්‌ වෙත ජලය පුරවමින් සිටිනු දැක ගැනීමට හැකිවී ඇත.
 
 ඒ අතරතුර තවත් ජල බවුසර දෙකක්‌ ජලය ලබා ගැනීම සඳහා එම ස්‌ථානයට පැමිණ ඇති අතර එහිදී අදාළ ලොරි රථ සහ රියෑදුරන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
 
 ජලසම්පාදන මණ්‌ඩලයේ ආරක්‌ෂක නිලධාරියා, ලොරි රථ සහ එම ලොරි රථවල රියෑදුරන් බණ්‌ඩාරගම පොලිසිය වෙත භාරදීමට මෙහිදී ජලසම්පාදන මණ්‌ඩලයේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.
 
 අත්අඩංගුවට පත් සැකකරුවන් සහ බවුසර් රථ ඊයේ (15 වැනිදා) පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 මෙම වංචාව තුළින් මණ්‌ඩලයට සිදුව ඇති පාඩුව කොතෙක්‌ද යන්න මේ වනවිට ගණනය කරමින් ඇත.
 
 මෙම වැටලීම පිළිබඳ අදහස්‌ දැක්‌වූ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මහිලාල් සිල්වා මහතා සඳහන් කළේ විෂය භාර ඇමැති රවුµa හකීම් මහතාගේ උපදෙස්‌ හා මඟපෙන්වීම මත ජලසම්පාදන මණ්‌ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතාගේ අනුදැනුම යටතේ වැටලීම කළ බවත්, එමගින් මණ්‌ඩලයට කාලයක්‌ තිස්‌සේ සිදුවූ විශාල පාඩුවක්‌ වළක්‌වා ගැනීමට හැකිවූ බවය. එසේම මෙවැනි වැටලීම් ඉදිරියටත් නොකඩවා සිදු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles