Divaina - අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දි ගාල්ලේ වෙරළ තීරයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌; වැසිකිළි වළවල් මුහුදට හරවා තිබීම නිසා දැඩි දුර්ගන්ධයක්‌ හමායයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

galle444
 
ටයර් පුළුස්‌සා මාර්ගය අවහිර කරති
 
 අහංගම - සුගතපාල දීයගහගේ, හබරාදුව - ඒ. එල්. ඒ. ආරියරත්න
 
 වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15 දා) පෙරවරුවේ ගාල්ල දෙවට තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යැමේදී ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
 
 අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පෙර එම ප්‍රදේශයේ විදුලිබලය සහ ජල සැපයුම විසන්ධි කරන ලද අතර ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරී සතිස්‌ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ බලඇණියක්‌ද කැඳවා තිබිණ.
 
 වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණීමත් සමඟ පිරිසක්‌ ගාල්ල - මාතර මහා මාර්ගයේ දෙවට හන්දියේ ටයර් පුළුස්‌සා මාර්ගය අවහිර කිරීම නිසා දැඩි රථවාහන තදබදයක්‌ද ඇතිවූ අතර පසුව ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්‌ව මාර්ග බාධක ඉවත් කර ගමනාගමනයට ඉඩ ලබා දුන්නේය.
 
 පසුව බැකෝ යන්ත්‍ර දෙකක්‌ ගෙන්වාගෙන වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ජී. පුෂ්පකුමාර මහතා කියා සිටියේ අනවසර ඉදිකිරීම් විසිහතක්‌ හඳුනාගෙන ඇති අතර ඒවා ඉවත් කරගන්නා ලෙස මෙයට පෙර ඔවුනට දැනුම්දී තිබූ බවය.
 
 මෙම අනවසර ගොඩනැඟිලි සියල්ලේම පාහේ වැසිකිළි වළවල් මුහුදට හරවා තිබීම නිසා ඒවා කඩා ඉවත් කරන විට අපද්‍රව්‍ය වෙරළට ගලායැමත් සමඟ පළාතේම දැඩි දුර්ගන්ධයක්‌ හමා ගියේය.
 
 මෙම ගොඩනැඟිලි අතර නිවාස, හෝටල්, ආපන ශාලා මෙන්ම සංචාරක ව්‍යාපාරික ස්‌ථානද විය. ඔවුන් පොලිසියට කිසිවක්‌ නොකී අතර දැඩි ලෙස වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දොස්‌ පවරමින් කියා සිටියේ දේශපාලනඥයන් සහ ප්‍රබල පුද්ගලයන් වෙරළේ අනවසර ඉදිකිරීම් ඉදිකර තිබුණත් ඒවාට මෙම නීතිය බලපාන්නේ නැති බවය.
 
 තත්ත්වය උත්සන්න වීමත් සමඟ කැරැලි මර්දන කණ්‌ඩායමක්‌ද එම ස්‌ථානයට පැමිණියේය. පසුව දැඩි ආරක්‌ෂාව මැද අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළේය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles