Divaina - රිදීගම පොලිසියේ තිදෙනකුගේ අමානුෂික හැසිරීම: අන්තර්ජාලයේ යන වීඩියෝව ගැන පොලිස් විමර්ශන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

polisඅන්තර් ජාලයේ ප‍්‍රචාරය වූ කුරුණෑගල රිදීගම පොලිසියේ නිලධාරීන් තිදෙනකු තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගොස් ඉතා අමානුෂික ලෙස හැසිරෙන අන්දම දැක්වෙන වීඩියෝවට අනුව පොලිස් මූලස්ථානය එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ.

මෙම වීඩියෝවට අනුව අදාළ තරුණයා පොලිස් නිලධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් තමන්ව අත්අඩංගුව නොගන්නා ලෙස ඉල්ලා සිටියදී ඔහුට අත් මාංචු දැමීමට සැරසෙන සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීහු දෙදෙනෙකු අවසානයේ එම තරුණායාට අමානුෂික ලෙස පහර දෙමින් අත් මාංචු දැමීම සිදු කරති.

එහිදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියකු ද එම ස්ථානයේ සිටින අතර පොලිස් නිලධාරීන් පහර දෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට ගිය තරුණායා වෙනුවෙන් යමක් කීමට සැරසෙන තවත් තරුණයකුටද මෙම නිලධාරීන් පහර දෙන අන්දමද වීඩියෝවේ සටහන්ව ඇත.

සිද්ධිය වන අස්ථාවේ තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස තරුණයා පවසද්දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීහු දෙදෙනා ‘තෝ දැගලූවොත් දවස් දහහතරකට ඇතුළට’ දානවා යනුවෙන් එම තරුණයාට තර්ජනය කරති.

විශාල පිරිසක් ගැවසෙන වෙළෙඳසලක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් රිදීගම පොලිසියෙන් කළ විමසීමකදී අදාළ තරුණයා නීති විරෝධී ගෝඩා ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී පලාගිය අයකු වන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලැබුවේ ඒ හේතුවෙන් බවත් රිදීගම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තරුණයා මීට පෙර අවස්ථා කිහිපයකදී නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්යෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ අයකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළෙය.

සමන් ගමගේ - නෝමන් පලිහවඩන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles