Divaina - යන්ත‍්‍රය ලක්ෂ 45 යි; කෝටියක මුදලක් උපයා ඉන්දියානුවන් රැගෙන විත් දමාගිය ගොයම් කපන යන්ත‍්‍රයක් වල්අලි පහරින් විනාශයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 පානම - පී.විජේසේකර
 
 gayam135අම්පාර දිස්ත‍්‍රික්කයේ දමන ප‍්‍රදේශයේ ගොයම් කැපීමට ගෙනා ලක්ෂ 45 ක් වටිනා ගොයම් කපන යන්ත‍්‍රයක් කුඹුරක් අයිනේ නවතා තිබියදී රාත‍්‍රියේ එය අසලට පැමිණි වල් අලියකු එයට පහර දී සහමුලින් ම විනාශකර දමා ඇතැයි අම්පාර පොලිසිය වාර්තා කරයි.
 
 මෙය අක්කරපත්තුව ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකුට අයත් එකකි. ඉන්දියාවේ සිට මෙම ගොයම් කපන යන්ත‍්‍ර හා කුඹුරුවල වැඩට ඉන්දියන් ජාතිකයන් පැමිණෙති. වැඩ ඉවර වූ වහාම යන්ත‍්‍ර කුඹුරු අසල පැල්වල ගාල් කර සිය රටවලට යති. මේ විදිහට 2013 වසරේ නැගෙනහිර පළාතේ රැඳී සිටි විශාල පිරිසක් නාවික හමුදාව විසින් කටුනායක හරහා පිටුවහල් කරන ලදී.
 
 ඉන්දියන් ජාතිකයන් මුහුද හරහා ගෙනෙන මෙම යන්ත‍්‍ර එකක් ලක්ෂ 45 ක් වටී. මෙම පිරිස් මෙම යන්ත‍්‍ර සමග විත් මෙරටින් ගොයම් කපන කාලයට එක් යන්ත‍්‍රයකින් කෝටියක පමණ මුදලක් උපයාගත් පසු මෙරට ඔවුන්ට රැකවරණය දුන් අයට මේවා ලක්ෂ පහ හයට විකුණා යති.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles