Divaina - එකම පවුලේ 5 දෙනකු ගිය රිය ගසක හැපෙයි; එක් අයෙක් මරුට; දෙදෙනකුට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

accident555
 
 කරුණාරත්න ගමගේ සහ අරලගංවිල රෝෂාන් තුෂාර
 
 විවාහ මංගල උත්සවයකට සහභගි වී ආපසු නිවෙස බලා එමින් සිටි එකම පවුලේ 05 දෙනකු ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (13 දා* අලූයම 2.00 ට පමණ බකමූණ, අත්තනකඩවල, යාය 23 ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ ගසක හැපීම නිසා සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් එක් අයෙකු මරුමුවට පත් වී මෝටර් රථයේ රියැදුරා සහ කාන්තාවක තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි.
 
 අනතුරින් මියගොස් ඇත්තේ බකමූණ, දිග්ගල්පිටිය, 507 ආර්. ලිපිනයේ පදිංචි අලූත්ගෙදර අසේල සම්පත් අමරසූරිය (23* යන අයයි.
 
 හෙතෙම ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ පුත්තලම කඳවුරට අනුයුක්තව රාජකාරි කළ නාවික සෙබළෙකි. තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
 අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු ගමන් කර තිබෙන අතර ඔවුන් බකමූණ නිකපිටිය ප‍්‍රදේශයේ පිහිටි තම ඥාතියකුගේ නිවසක විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු එමින් සිටියදී මෝටර් රථය මෙසේ අනතුරට ලක් වී තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
 අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරුට නින්ද යෑම හෝ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ ගසක හැපීම අනතුරට හේතුව බව අනාවරණය වී ඇත.
 
 බකමූණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නලින් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වෙයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles