Divaina - රු.300 ක මුදලක් නැතිවී කුඩම්මා 12 හැවිරිදි දරුවාගේ දෑත් දෙපා ගිනි පෙනෙල්ලෙන් පුච්චලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 මහිලාල් පද්මසූරිය - අගලවත්ත
 
kudamma135 තම කුඩම්මාගේ මුදල් පසුම්බියේ රු.300 ක මුදලක් නැතිවීමේ සිද්ධියක් මත ගින්පෙනෙල්ලකින් බැට කෑ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප‍්‍රථිකාර ලබන බව අගලවත්ත පොලිසිය පවසයි.
 
 අගලවත්ත පොලිස් වසමේ තැන්නහේන ප‍්‍රදේශයේ පදිංචි දරුවකු මෙසේ කෲර වධ හිංසාවට ලක්ව ඇති අතර සැකකාර කුඩම්මා 12 දා අගලවත්ත පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබේ.
 
 තුවාල ලැබූ දරුවාගේ මව මීට කලකට පෙර දරුවා හා සැමියා අතහැර වෙනත් පුරුෂයකු හා ගොස් ඇති අතර දරුවාගේ පියා පසුව සැකකාර කාන්තාව නිවසට කැ`දවාගෙන තිබේ. සැකකාර කාන්තාව ද මීට පෙර දරුවන් දෙදෙනකුගේ මවක වන අතර ඔවුන් අතැහැර මේ දරුවාගේ පියා සමග පැමිණ තිබේ. සැකකාර කාන්තාව ප‍්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරන අතර ඔවුන් පදිංචිව සිටින වැඩිමල් සහෝදරයාගේ නිවසේ දී තම පසුම්බියේ රු.300ක මුදලක් නැතිවීම හේතුවෙන් එය සොරාගත් බවට සැකකර මෙම දරුවාගේ දෑත් හා දෙපා ගිනිපෙලෙල්ලකින් පුළුස්සා තිබේ.
 
 තුවාල ලත් දරුවා පසුදින පාසල් ගොස් සිටියදී උණ ගැනීම නිසා විදුහල්පතිවරයාගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කළ පසු සිද්ධිය පිළිබ`දව තොරතුරු අනාවරණය වී ඇත.
 
 තුවාල ලත් දරුවාගේ පියා ද ලියාපදිංචි අපරාධ ලැයිස්තුවේ අයකු වන අතර අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 සිද්ධිය පිළිබ`දව අගලවත්ත පොලිස් ස්ථානාධිපති සුරේෂ් තරංග මාවතගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප සුමතිපාල ගල්පාය මහතා හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles