Divaina - බදුල්ල රෝහලේ අක්ෂි සැත්කම් අසාර්ථක වීම දොස්තරලාගේ ප‍්‍රශ්නයක් නොවෙයි; අක්ෂි ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වෙලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

බෝගොඩ රත්නායක

badullaබදුල්ල පළාත් මහ රෝහලේ සිදුකෙරුණු අක්ෂි සැත්කම් කිහිපයක් අසාර්ථක වීමෙන් පසුගිය දිනවල ඇතිවූ ගැටලූව වෛද්‍යවරුන්ගේ වරදක් නොව අක්ෂි ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් සිදුවූ ගැටලූවක් බවත් මේ වන විට අක්ෂි සැත්කම් හදිසි හා අත්‍යාවශ්‍ය සැත්කම්වලට සීමාකොට අක්ෂි ශල්‍යාගාරය පූර්ණ නවීකරණයකට ලක්කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඉහත ස`දහන් අසාර්ථක වූ ශල්‍යකර්ම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයකට ද ලක්වූ හිටපු අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියට ලද ස්ථාන මාරුවක් ක‍්‍රියාත්මක කිරීම රෝහල් බලධාරීන් හිතාමතා ප‍්‍රමාද කරන බවට නැෙ`ගන චෝදනාවක් පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

දැනට මාස හතරකට පමණ පෙර මෙම රෝහලේ අක්ෂි ශල්‍යකර්ම කිහිපයක් අසාර්ථක වීමත් සමග එවකට එම කටයුතු සිදුකළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුකරන ලද අතර එම ශල්‍යකර්ම අසාර්ථක වීමෙන් ඇතැම් රෝගීන්ට ඇස් පෙනීම සම්පූර්ණයෙන් අහිමි වූ බවත් ඒ තත්ත්වය මත බදුල්ල පළාත් මහ රෝහලේ අක්ෂි සායන සඳහා යොමුවූ ඇතැම් රෝගීන් වෙනත් රෝහල්වල ප‍්‍රතිකාර සඳහා යොමුවූ බවත් රෝහල් ආරංචි මාර්ගවලින් ප‍්‍රකාශ විය.

බදුල්ල පළාත් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතාගෙන් මේ පිළිබ`දව කරන ලද විමසීමේදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථානමාරු ක‍්‍රියාපටිපාටියට අනුව සිදුකෙරුණු ස්ථාන මාරු යටතේ හිටපු අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය වන සුභාෂිනී සමරසිංහ මහත්මියට ද මාරුවීමක් ලැබුණු බවයි. ඒ වෙනුවට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය රුවන් චින්තනී මහත්මිය පැමිණ ඇති නමුත් ඇතැම් විට ස්ථාන මාරු ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමේදී රාජකාරි කළ ස්ථානයෙන් බැහැර වීම හෝ නව ස්ථානයේ රාජකාරි භාර ගැනීම යම් ප‍්‍රමාදයකට ලක්වීම සාමාන්‍ය දෙයක් බවත් ඔහු කීවේය.

එහෙත් අදාළ ස්ථාන මාරු එලෙසම ක‍්‍රියාත්මක වන අතර එතෙක් වෛද්‍යවරියන් දෙදෙනාම මෙම රෝහලේ සේවය කරන බවත් සඳහන් කළ වෛද්‍ය ගයාන් කුරේ මහතා, පසුගිය දිනවල සිදුවූ ශල්‍යකර්ම අසාර්ථක වීම වෛද්‍යවරුන්ගේ ගැටලූවක් නොව අක්ෂි ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් සිදුවූ ගැටලූවක් බවත් ඊට පිළියමක් ලෙස මේ වන විට එම අක්ෂි ශල්‍යාගාරය පූර්ණ නවීකරණයකට ලක්කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වැඩි දුරටත් පැවසීය.

එහෙත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ඇතුළු මූලික කටයුතුවල ප‍්‍රමාදයන් හේතුවෙන් එම නවීකරණ කටයුතු ද යම් ප‍්‍රමාදයකට ලක් වන නමුත් එතෙක් සියලූ අක්ෂි ශල්‍යකර්ම නතර කර නොමැති බවත් අක්ෂි කාච දැමීම් වැනි කල් දැමිය හැකි ශල්‍යකර්ම හැර අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සියල්ල රෝහලේ ප‍්‍රධාන ශල්‍යාගාරයේ කොටසක අවශ්‍ය පහසුකම් සකසාගෙන සිදුකරන බවත් පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, පළාතේ රෝගීන් මේ සම්බන්ධයෙන් කිසි`දු සැකයක් ඇති කරගත යුතු නොවන බවත් අත්‍යවශ්‍ය හා හදිසි නොවන ශල්‍යකර්මයන්හි යම් ප‍්‍රමාදයක් හැර සෙසු ශල්‍යකර්ම නතර නොකරන බව වගකීමෙන් යුතුව පවසන බවත් සඳහන් කළේය. එසේම හදිසි අවස්ථාවක යම් රෝගියකු වෙනත් රෝහලකට මාරුකර යැවීම ද සාමාන්‍ය තත්වයක් වන අතර එම තත්ත්වය මේ වන විට උද්ගතව ඇති ගැටලූ හේතුවන් සිදුවන දෙයක් නොවන බවත් ගයින් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles