Divaina - බීමත්ව පරුෂවචන කියමින් වාහන ගමනාගමනයට බාධා කරමින් යකා නැටූ චීවරධාරියා රිමාන්ඞ්;

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 ගලේවෙල විශේෂ
 
 cheawaraපසුගිය 12 වැනි දින රාත‍්‍රී කාලයේ ගලේවෙල නගරයේ බීමත්ව අශෝභන ලෙස හැසුරුණු චීවරධාරියෙක් ලබන 19 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේසත‍්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා නියෝග කළේය.
 
 මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු ලත් වහාම පොලීස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත. එහිදී මෙම චීවරධාරයා බීමත්ව පරුෂවචන කියමින් වාහන ගමනාගමනයට බාධා වන අයුරින් හැසිරෙන ආකාරය පොලීස් නිලධාරීන් දැක ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීස් නිලධාරීන්ටද බැන තර්ජනය කර සාපරාදී බලහත්කාරකම් පා ඇති බව පොලීසිය පවසයි. අනතුරුව පොලීස් නිලධාරීන් දැඩි උත්සාහයක් ගෙන චීවරධාරියා අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමත්ව සිට ඇති බව තහවුරු වී ඇත.
 
 ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති පොලීස් පරීක්ෂක නීලංග ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් පිට පොලීස් සැරයන් 26781 නවරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles