Divaina - තවමත් පාසල් යන තම 14 හැවිරිදි දියණිය වසර ගණනක් තිස්සේ කෙළෙසු නරුම පියාට මාංචු; දැරියගේ මවට මානසික ආබාධයක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ
 
hotrels වසර ගණනක සිටම තම දාහතර (14) හැවිරිදි දියණියව බරපතළ ලෙසම දූෂණයට ලක්කල පියෙකු 14 දා වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
 බෝරුක්ගමුව , පල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි ජයසේන නැමැති 53 හැවිරිදි පියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 වේයන්ගොඩ පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිවිය තවමත් පාසැල් යන බවත් 2017 ජනවාරි 14 සිටම සිටම දූෂණයට ලක්ව ඇති බවත් , ඇගේ මව කිසියම් මානසික ආබාධයකින් පෙලෙන බවත් පොලිස් පරීක්ෂණව ලදී හෙළි වී ඇත.
 
 අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් දැරිවිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබුණි.
 
 වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කුලතුංග මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles