Divaina - මාවුස්සාකැලේ කාසල්රී ජල මට්ටම පහළට; වැසි නොලැබුණහොත් විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක්!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

kasal500
 
 ඡුායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 
 මධ්‍යම කඳුකරයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප‍්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා ශීඝ‍්‍රයෙන් පහත බසිමින් පවතී.
 
 මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඊයේ (14 දා* පෙ.ව. 06.00 වන විට පිළිවෙළින් පිටාර මට්ටමේ සිට අඩි 58 ක් හා 48 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
 
 ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලි බලාගාර සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවලිනි. මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට ඉදිරියටත් වැසි නොලැබුණහොත් විදුලි අර්බුදයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles