Divaina - 8 වසරේ දැරිය දුෂණය කළ නියෝජ්‍ය විදුහල්පති පොලිස් අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

dariyaමත්තල - දිලීප් එන්. ජයසේකර
 
අඟුණකොළපෑලැස්ස රන්න ප‍්‍රදේශයේ විද්‍යාලයක 8 වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අඟුණකොළපෑලැස්ස පොලිසිය මගින් ඊයේ (13 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස නගරයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විවාහයෙන් වෙන්ව සිටින අයකු බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
 
 අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව අන්දරවැව ප‍්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි බාලවයස්කාර දැරියකි.
 
 අතවරයට පත් දැරියගේ පියා හා මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා අතර කලක සිට තිබූ මිතුදමක ප‍්‍රතිඵලයක් ලෙස මීට මාස එක හමාරකට පමණ පෙර දැරිය මෙම පාසලට ඇතුළත් කර ඇති අතර දැරියට නවාතැන් ලබා දී ඇත්තේද අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයත් ස්ථානයක උඩු මහලකය.
 
 අඟුණකොළපෑලැස්ස පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව දැරිය ගෙන්වා සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. දැරිය ගෙවුණු මසක කාලය තුළදී විටින් විට මෙම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය අනාවරණය කර ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට පත් සැකකරු 14 දින අඟුණකොළපෑලැස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, අඟුණකොළපෑලැස්ස පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කාන්තා පොලිස් සැරයන් (4276)කාන්ති, පොලිස් සැරයන්වරුන් වන (37092) කීර්ති, පොලිස් කොස්තාපල්වරුන් වන (40607)ආසිරි, (40587) උපුල් ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles