Divaina - මාතරදී කාර් එකක් රුහුණු කුමාරිගේ හැප්පෙයි එක් අයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

accidentමාතර අභයගුණරත්න මාවතේ දුම්රිය හරස් මගේ දි මාතර සිට කොළඹ බලා ඊයේ (13 දා) පාන්දර ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි ශීඝ‍්‍රගාමි දුම්රියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් එම වාහනයේ සිටි බවට කියන ගැහැනු ළමයකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාතර වෙලේගොඩ පදිංචි ධම්මික නම් අයෙකි. මියගියඅයගේ මෘත දේහය මාතර රෝහලට ගෙනවිත් තිබිණි. මෙම දුම්රිය මංසන්ධියේ රේල් ගේට්ටු නැතත්, එම ස්ථානයේ අනතුරු සංඥා කරන රතු එළිය වැටෙන එලාම් ශබ්දය ද නාද වෙන බවට ප‍්‍රදේශවාසීහු පවසති. මීට පෙර කීප වතාවක්ම මෙම දුම්රිය මංසන්ධියේ දුම්රියේ ගැටීමෙන් වාහන අනතුරු රාශියක් සිදු වී ඇති බව ද පොලිසිය පවසයි. මාතර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මාතර - චන්‍ද්‍රදාස කොඩිතුවක්කු
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles