Divaina - මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි මහෙස්‌ත්‍රාත්ගෙන් නියෝග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
 
 මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්‌ථානයට ඉකුත් 14 වැනි දින කඩාවැදුණු අන්තවාදීන් පිරිසක්‌ විසින් බලහත්කාරයෙන් කෝවිලක්‌ ඉදිකිරීමට මුල්ගලක්‌ තැබීමෙන් අනතුරුව විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් හා එම පිරිස අතර එම අවස්‌ථාවේ උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය විසින් සාමය කඩවීම යටතේ මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දෙපාර්ශ්වයටම නඩු පවරන ලදී.
 
 ඒ අනුව අදාළ නඩුව පෙරේදා (24 වැනිදා) මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර එහිදී විහාරාධිපති හිමියන්ගේ පාර්ශ්වය විසින් එම විහාරස්‌ථානය පුරාවිද්‍යා භූමියක්‌ වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්‌වා තිබේ. ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගනිමින් විහාර භූමියේ ලබන පෙබරවාරි 12 වැනිදා දක්‌වා කිසිදු ඉදිකිරීමක්‌ නොකරන ලෙසටත් එදිනට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මුලතිව් මහෙස්‌ත්‍රාත් එස්‌. ලෙනින් කුමාර් මහතා නියෝග කරන ලදී.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles