Divaina - අනියම් සබඳතාව හා අඬදබර නිසා නිවසින් ගිය බිරිඳ උපක්‍රමයෙන් ගෙන්වා අඹුසැමි ඇසුරක්‌ද පවත්වා මරා වළදැමූ සැමියා අත්අඩංගුවට!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

බිරිඳව මරා වළදැමූ සැමියා අත්අඩංගුවට
 
 මිහින්තලේ - රංග චතු

iresa1සිය බිරිඳ අනියම් සබඳතාවක්‌ පවත්වන බව අනාවරණය කරගත් සැමියකු නිවස තුළදී ඇගේ හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවස පිටුපස පිහිටි ළිඳ අසල වළක්‌ කපා සිරස්‌ අතට වළ දැමූ සැමියකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් අතර සැකකරු රහසිගතව වළ දැමූ බිරිඳගේ නිරුවත් සිරුර අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේදී ඊයේ (28දා) දහවල් ගොඩගනු ලැබීය.
 
 නව නුවර පාර, තම්මැන්නාපුර, නෙළුම්කුළම, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඉරේෂා මල්කාන්ති කුමාරිහාමි (41) දෙදරු මව මෙසේ ඝාතනයට ලක්‌ව තිබුණි. එම ලිපිනයේම පදිංචිව සිටින (43) හැවිරිදි සැමියා, එම ඝාතනය සිදුකර පලායමින් සිටියදී ඊයේ (28දා) අලුයම අනුරාධපුර ,කඩ 12 ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 ඝාතනයවූ කාන්තාවට සැමියා පහරදීම නිසා කෑගසන හඬ ඇසී තිබුණු අසල්වැසි නිවසක පදිංචිකරුවකු ඒ පිළිබඳව සැකසිතී පොලිසියට දන්වා තිබූ අතර අනතුරුව අදාළ නිවස පිහිටි ස්‌ථානයට පැමිණි පොලිසිය ඇය ඝාතනය කර ඇති බව අනාවරණය කරගෙන ඇය වළදැමූ ස්‌ථානයත් අනාවරණය කර ගැනීමට සමත්වී තිබුණි.

iresa2
 
 මෙම යුවළ අතර පසුගිය අගෝස්‌තු මස සිට අනියම් සබඳතාවය මුල්කර ගනිමින් අඩ දබර සිදුවී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර ඝාතනයට ලක්‌වූ කාන්තාව විසින් අනුරාධපුර ළමා හා කාන්තා අංශයට සැමියා සිදුකළ පහරදීම් පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව දෙපාර්ශවය කැඳවා ඔවුන්ගේ ආරවුල විසඳීමට ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබූ බවද අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබුණි.
 
 එහෙත් දෙදෙනා අතර දිගින් දිගටම අඩ දබර සිදුවීම නිසා ඝාතනයට ලක්‌වූ කාන්තාව අනුරාධපුර ගල්කුළමේ පිහිටි වැඩිමහල් සහෝදරියගේ නිවසට ගොස්‌ සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
 
 කාන්තාවගේ වැඩිමහල් දියණිය යුද හමුදා සේවයට එක්‌වී පුහුණුව අවසන් කිරීමේ උත්සවය ඊයේ (28දා) යෙදී තිබී ඇති අතර නිවසින් බැහැරව සිටි බිරිඳ දියණිය බැලීම සඳහා යාමට අවශ්‍ය කලමනා කිහිපයක්‌ මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ඇති බව අනාවරණය කරගත් සැකකරු දියණියට රැගෙන යාමට තමනුත් කැවිලි කිහිපයක්‌ සැකසූ බව පවසා බිරිඳව උපක්‍රමශිලීව නිවසට කැඳවා ගෙන රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.
 
 බිරිඳ ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කළ සැකකාර සැමියා නිවස ආසන්නයේ පිහිටි ළිඳ අසලින් අඩි දෙකයි දෙක පළල අඩි හයක්‌ පමණ ගැඹුර වළක්‌ හාරා තිබෙන බවත් බිරිද නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමග අඹුසැමි ඇසුරක්‌ පවත්වා (27දා) රාත්‍රී අටට පමණ කාමර තුළදී පෙරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඇයව ඝාතනය කර නිරුවතින්ම ළිඳ අසලට රැගෙන ගොස්‌ සිරස්‌ අතට වළෙහි දමා පස්‌ පුරවා අනතුරුව වළ උඩින් ගල් තබා එය ටකරමකින් වසා තිබූ බව පරීක්‌ෂණ පැවත්වූ පොලිසිය පවසයි.
 
 සැකකාර සැමියා විසින් අවස්‌ථා කිහිපයකදීම සිය බිරිඳ ලොරි රථ රියදුරකු සමග අනියම් සබඳතාවක්‌ පවත්වන බවට දුරකථන ඇමතුම් වාර්ථතාවකින් අනාවරණය කරගෙන ඇය ඝාතනය කිරීමට සැලසුම්කර තිබෙන බවත් දෙදෙනා අනුරාධපුර නව නුවර පාරේ බඩ ඉරිඟු තම්බමින් ජීවිකාව ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.මියගිය කාන්තාවට දියණියට අමතරව පාසල් වයසේ පසුවන පිරිමි දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
 
 සැකකරු විසින් ඇයව ඝාතනයට යොදා ගත් බවට සැකකරන ලේ තැවරුණු පොලු කැබැල්ලක්‌ පොලිසිය නිවස තුළ තිබී සොයා ගෙන තිබුණි.
 
 අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා අදාළ ස්‌ථානයට පැමිණ කාන්තාවගේ සිරුර ගොඩට ගත් අතර සිරුර අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදුකරන ලෙසත් සැකකරු සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදුකර ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.
 
 අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඊ. එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජී. විදානගමගේ පොලිස්‌ සැරයන්වරුන් වන (31356) සේනාරත්න (29667) රත්නායක, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (16446) චන්දන, (47852) කුමාර, (61252) අජිත්, (63640) බණ්‌ඩාර යන නිලධාරීන් ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles