The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali


ආනන්ද නිශ්ශංක - කටුනායක
 
 නීතියේ ඇසට වැලිගසා සීදුව විජය කුමාරතුංග රෝහල ඉදිරිපිට පිහිටා ඇති පාමසියක්‌ මඟින් මානසික රෝගීන් සඳහා වෛද්‍ය අනුමැතියක්‌ මත ලබාදෙන අධික ලෙස මත්වන පෙති වර්ග දෙකක්‌ අලෙවිකරන විට තුන් වැනි වතාවටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබේ.
 
 උපාය දූතයෙක්‌ යොදවා සිදුකළ මෙම වැටලීමේදී වෛද්‍ය වට්‌ටෝරුවක්‌ නොමැතිව අත්අඩංගුවට ගත් පෙති අලෙවි කිරීමට අවසර නොමැති ඖෂධ බවට අනාවරණය වී ඇත.
 
 මෙම පාමසිය මින් ඉහතදී දෙවතාවක්‌ම පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ අන්තරායකර ඖෂධ පාලක නිලධාරීන් විසින් මෙලෙසම වටලා නඩු පවරා ඇත.
 
 ඉන් එක්‌ නඩුවක්‌ මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද අනාවරණය කරගෙන තිබේ.
 
 එසේ තිබියදී මෙම පාමසිය හිමිකරුවන් කිසිදු බියකින් තොරව එකී ව්‍යාපාරය සිදුකිරීම පුදුම විය යුතු කරුණකි. මෙවර ද වැටලීමෙන් අනතුරුව එහි සිටි සේවකයෙක්‌ වූ දිවුලපිටියේ පදිංචිකරුවෙක්‌ ද නිව්රෝන් මිලිග්‍රෑම් 150 ක්‌ වන කරල් හාරසියයක්‌ ද ප්‍රීගෑම් කරල් එකසිය අනූවක බණ්‌ඩලයක්‌ ද අන්තරායක ඖෂධ පාලක නිලධාරීන් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සීදුව පොලිසිය වෙත බාරදී මීගමුව අධිකරණය වෙත පමුණුවා ඇත.
 
 මෙම වැටලීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‌ෂක තෙන්නකෝන්, පොලිස්‌ සැරයන් (39456) ඉන්දික, පොලිස්‌ කොස්‌තාපල් (75344) සංජය, පොලිස්‌ කොස්‌තාපල් (75465) චානක, පොලිස්‌ කොස්‌තාපල් (79296) ප්‍රභාත්, පොලිස්‌ කොස්‌තාපල් (82372) චතුරංග, පොලිස්‌ කොස්‌තාපල් (84155) වීරසිංහ, පොලිස්‌ කොස්‌තාපල් (86971) බණ්‌ඩාර, පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු (80905) සෙනෙවිරත්න යන අය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

 


ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles