The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

p15 1බොරු වපුරන මාධ්‍යයට ජනපති දෙහි කපයි
 
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සඳුදා (9 දා) පොළොන්නරුව, වැලිකන්ද නගරයේ පැවැති ගොවිජන හමුවකට සහභාගී විය. ඊට ප්‍රථමයෙන් ඒ මහතා වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්‌ථානය ගොවි අයිතියට පත් කිරීමද සිදුකළේය. ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්‍ෂ 132 ක්‌ පමණබවද දැන ගන්නට ලැබිණි. ගොවි හමුව අමතමින් ජනාධිපතිවරයා රට තුළ කෙරෙන සුවිසල් සංවර්ධනය පිළිබඳව සිහිපත් කළේය. රජරට පමණක්‌ නොව වයඹ නැගෙනහිර පළාත්වලට අයත් ගොවි බිම්වලටද දියවර රැගෙන යන මොරගහකන්ද කලුගඟ මහා වාරි ව්‍යාපෘතියේ කලු ගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු මේ මස 23 වැනි දින සුබ මොහොතින් අරඹන බවද කීවේය. වැලිකන්දේ ජනතාව මූලික වශයෙන් මුහුණ දෙන පානීය ජල ගැටලුව සහ වන අලින්ගේ තර්ජනයට මේ වන විට විසඳුම් ලබාදීම සඳහා පියවරගෙන ඇතැයිද කීය. එහෙත් මේ කොයි ආකාරයේ සංවර්ධනයක්‌, යහපත් දෙයක්‌ කළත් මේ රටේ බොහෝ ජනමාධ්‍ය රටේ අනාගතයට අවාසි සහගත දේ ගැටුම් ආදිය පමණක්‌ පෙන්වීමට ඇතැම් වෙලාවට අසාර්ථක උත්සාහයන් දරණ බව ජනාධිපතිවරයා පැවැසීය. එහෙත් බුද්ධිමත් ජනතාව ඒවා ප්‍රතික්‍ෂේප කරන බවද ඔහු කීවේය. දේශපාලන අභියෝගවලට මුහුණ දෙමින් ආණ්‌ඩුවක්‌ විදිහට රජයක්‌ විදිහට විශාල වැඩ කොටසක්‌ කරමින් ඉදිරියට යන බව කී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රූපවාහිනියේ පෙන්වන අකරතැබ්බයක්‌, අස්‌ථාවරත්වයක්‌ මේ රටේ සිදුවී නැති බවද පැවැසීය. අප කරන සංවර්ධන වැඩ දැක ගන්නට හවසට රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන බැරි බවත් ඒවායේ පෙන්වන්නේ රටේ අවුල් පමණක්‌ යෑයිද ජනපති කීය.
 
 මස්‌ වැද්දන් හිටි පිනුම් ගසන රජරට වන උයන්
 
 අප රටේ අලි ඇතුන් ප්‍රමුඛව වන සතුන් සඳහා වෙන්වූ ජාතික වනෝද්‍යාන, අභය භූමි, ස්‌වභාව රක්‍ෂිත රජරට බිමේ ඉතා සුවිශේෂීය බැව් ප්‍රකටය. විශාල රංචු වශයෙන් ගැවසෙන වන අලි ගෝනුන්, මුවන් ඇතුළු අනෙකුත් වන සතුන් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා බව රහසක්‌ නොවේ. එහෙත් මේ වන සතුන් මේ අන්දමට රිසිසේ දැක බලා ගන්නට අපට කොතරම් කාලයක්‌ දුරට හැකිවේද යන්න බරපතළ ප්‍රශ්නයකි. ඒ අන් කවර හේතුවක්‌ නොව මේ බොහෝ වන උයන් මේ වන විට වන සතුන් දඩයම් කරන්නන්ගේ නැතහොත් මස්‌වැද්දන්ගේ පාරාදීසයන් බවට පත්ව තිබීමයි. මෙයට දින කිහිපයකට පෙර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ විසූ කුළු හරකුන් සහ ගෝනුන් දඩයම් කර ඒ මස්‌ කිලෝ 100 කට අධික තොගයක්‌ ඔරුවකින් රැගෙන යමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනකු මරා පෙර කී අන්දමට මස්‌ ප්‍රවාහනය කරමින් සිටියේ ඉදිකිරීම් කටයුතු කරන ප්‍රමුඛ සමාගමකට අයත් කැබ් රථයකිනි. වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඒ මස්‌ තොගයේ ප්‍රමාණය කිලෝ 40 ක්‌ බව කියති.
 
 අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයද මස්‌ වැද්දන්ගේ පාරාදීසයක්‌ව එහි වන සතුන්ද මේ වන විට සිටිනුයේ බරපතළ ජීවිත අවදානමකට මුහුණදී බැව් තතු දත් ජනයා කියති. ඊයේ (11 දා) උදේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතදී වනජීවී නිලධාරීන් වේලනලද ගෝන මස්‌ තොගයක්‌ ලොරියකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයට පොළොන්නරුව නගර සභාවට ප්‍රකට දේශපාලන පක්‍ෂයකින් තරග කර පරාජයට පත්වූ අපේක්‍ෂකයකු බවද අනාවරණය විය. වේලනලද මස්‌ වලට හිමිකම් කියන ගෝනා අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය වාස භූමිය කරගෙන මේ අකල් ඉරණමට ගොදුරුවන තෙක්‌ දිවි ගෙවා ඇති බව වනජීවී නිලධාරීන් සිය විමර්ශනවලදී හෙළිදරව් කරගෙන තිබුණි.
 
 මේ කොල්ලකරුවන් අල්ලා ගස්‌ බඳිමුද?
 
 මහජන දේපළ හෙවත් පොදු දේපළ තම පෞද්ගලික බූදල් බවට පත්කරගෙන සිටින මුග්ධයින් අප රටේ එතරම් හිඟ නැත. එලෙස ඒවා ගොදුරු කර ගන්නට මාන බලමින් සිටින්නෝද එමටය. ඒ කාරණය මේ මොහොතේ විශේෂයෙන් මතකයට එන්නේ උතුරුමැද පළාතේ රජයේ පාසල් සතු ඉඩම් විශාල ප්‍රමාණයක්‌ විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට ලංකා ගුරු සංගමය මගින් පසුගියදා පෙන්වාදී තිබෙන හෙයිනි. ඒ ගුරු සංගමය කරුණු හරි හැටි සොයා බලා හෙළිදරව් කරගෙන තිබෙන පරිදි අනුරාධපුර පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ක දෙකෙහිම රජයේ පාසල්වල ඉඩම් බොහොමයකට මේ සන්තෑසිය අත්ව තිබෙන බව කියෑවේ. දැයේ දරුවන්ගේ උරුමයක්‌ වන පාසල සහ ඊට අයත් භූමිය මේ අන්දමට නරුම ලෙස කොල්ලකෑමේ නොහික්‌මුණු ක්‍රියාවට බොහෝ තැන්වල දේශපාලන බලයද මුසුවී තිබෙන බවද ප්‍රකටය. ලංකා ගුරු සංගමය මගින් තොරතුරු සොයා බලා ඇත්තේ රජරට පළාතේ පාසල් සතු ඉඩකඩම් නිර්ල-ජිත ලෙස කොල්ලකා තිබෙන අන්දමය. එසේ වුවද රටේ අනෙකුත් බොහෝ රාජ්‍ය ආයතන සතු ඉඩම්ද මේ අන්දමට බල පුළුවන්කාරයන්ගේ බූදල් බවට අසීමාන්තික ලෙස පත්ව තිබෙන බව ප්‍රකට කරුණකි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා මේ අශීලාචාර කටයුත්තට පෙළඹී තිබෙන අවස්‌ථා එමටය. රජයේ නිල නිවාසවල කලක්‌ පදිංචිව සිටි පසුව ඒවා ඔප්පු තිරප්පු මගින්ම පෞද්ගලීකරණය කරගෙන සිටින රජයේ නිලධාරීන් රජරට පළාතේ පමණක්‌ කොතෙකුත් සිටිති. මේ සෑම තන්හිම පෙරකී පරිදි දේශපාලන හස්‌තයන්හි බලපෑම ලැබී තිබෙනවා පමණක්‌ නොව ඒ මග ගිය දේශපාලුවන්ද බොහෝ බැව් කියනුයේ තතු දත් ජනයාමය.
 
 බලන් කඩතුරා හැර දැසේ
 
 පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පවතින බරපතළ සමාජ ෙ€දවාචකයක්‌ ලෙස ළමා මව්වරුන් බහුලවීම හැඳින්විය හැක. බොහෝ අවස්‌ථාවල අප මේ පිළිබඳව සාකච්ඡා කර සමාජ කතිකාවතක්‌ බවටද පත්කර ඇත්තෙමු. රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය වෙනත් සිවිල් සංවිධාන මේ බරපතළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ වෑයමක නිරතව සිටින නමුත් බාලවයස්‌කාර දැරිවියන්, දරුවන් බිහි නොකළ යුතු වයසේ පසුවන යෞවනියන් අම්මලා බවට පත්වීමේ ගණන අඩු නැති බවයි වාර්තා වන්නේ. එසේ නිසි වයස්‌ පිරෙන්නට පෙර දරුවන් බිහි කිරීමේ අනිටු ප්‍රතිවිපාක ලෙස ඒ මව්වරුන්ද දරුවන්ද දෙපිරිසම නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ඉතා පහසුවෙන් ගොදුරුවන බව අනාවරණය කරනුයේ සෞඛ්‍ය අංශයයි. විශේෂයෙන් රක්‌තහීනතාවය, බර අඩුකම, දියවැඩියා රෝගය මොවුනට වැළඳී තබෙන රෝගී තත්ත්වයන් බවද කියති. සමාජ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වැලිකන්ද, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පිහිටි බොහෝ ගම්බිම්වල මේ තත්ත්වයන් ඇතිවී තිබෙන බව මේ පිළිබඳව සොයා බලන කණ්‌ඩායම්, රාජ්‍ය නිලධාරීහු පවසති.
 
 වසර තිහකට නොඅඩු කාලයක්‌ මේ ප්‍රදේශ වෙලාගෙන පැවැති යුද්ධය ඊට බලපෑ බව එකල කියෑවුණි. එහෙත් දැන් ඒ යුද්ධය තුරන් වී අවුරුදු ගණනාවක්‌ ගතවී ඇත. එහෙත් වැලිකන්දේ, දිඹුලාගල යුද්ධයට මැදිවී තිබු ගම්බිම්වල බාල ළමෝ, දැරිවියෝ දරුවන් වදමින් සිටිති. මුළු රටම විසල් සංවර්ධන මාවතකට යොමුවී සිටිතැයි මහ හඬින් මොර දෙන අවදියක වැලිකන්ද, දිඹුලාගල ගැන වගකිවයුතු මහතැන්වල දැස්‌ පියන් පත් මීට වඩා විවර විය යුතු බවට නම් විවාදයක්‌ නැත.
 
 p15 2කරුණාරත්න ගමගේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles