The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

හෝමාගම ප්‍රසිද්ධ පාසලක උසස්‌ පෙළ අධ්‍යාපනය හදාරන පාසල් සිසුවකු හෙරොයින් මිලිග්‍රෑම් 1730 ක්‌ සමග හබරකඩ ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා පිළිබඳව පොලිසියට ලද තොරතුරක්‌ මත විමර්ශන සිදුකළ අතුරුගිරිය දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් උපායදූතයකු මාර්ගයෙන් අදාළ සිසුවා හා දුරකථන ඔස්‌සේ සම්බන්ධ වී සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ ඇසට වැලි ගසමින් කාලයක්‌ තිස්‌සේ එම සිසුවා හෙරොයින් ජාවාරමේ යෙදී සිටි බවට හෙළිවිනැයි පොලිසිය පවසයි.

අදාළ සිසුවා අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේ අලෙවිය සඳහා පැකට්‌ කර සූදානම්කර තිබූ හෙරොයින් ග්‍රෑම් 1730 ක ප්‍රමාණයක්‌ ඔහු සන්තකයේ තිබී පොලිස්‌ භාරයට ගෙන තිබේ.

අතුරුගිරිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පො.ප. ප්‍රේමලාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් දරුවන් මෙවැනි වැරදි සඳහා යොමුවීම පිළිබඳව දෙමාපියන් ලැඡ්ජාවිය යුතු යයි සඳහන් කරන පොලිස්‌ පරීක්‍ෂක උපුල් අලවත්ත මහතා වැඩිහිටි දරුවන් කෙරෙහි දෙමාපියන් වඩාත් සැළිකිලිමත් විය යුතු බවත් සඳහන් කර සිටී.

ඇන්ටන් ප්‍රනාන්දු

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles