The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

MM Divaina 365x90 S

UPali

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ රියෑදුරන්ට අති විශාල අතිකාල ගෙවීම් සිදුකර ඇති බවත් බොහෝ මාසවලදී මාසික අතිකාල ගෙවීම පමණක්‌ රු. 50,000 ද ඉක්‌මවා ගොස්‌ ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය ඊයේ (11 දා) ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පිළිගත්තාය.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තිරුකුමාර් මහත්මිය මේ බව පිළිගත්තාය.

2012 ජුනි මාසයේදී එක්‌ රියෑදුරකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක්‌ රු. 1,38,825 ක්‌ වී ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක්‍රමවේදය අනුව ගණනය කළ විට එම රියෑදුරු එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක්‌ පමණ බැගින් අතිකාල සේවය කර තිබූ බවත් ඔහුගේ සාමාන්‍ය පැය අටේ රාජකාරි කාලයත් සමඟ ගණනය කළ විට එක්‌ දිනකට එම රියෑදුරු වැඩකර ඇති පැය ගණන පැය 23.4 ක්‌ වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පිළිගත්තාය.

අදාළ අතිකාල මුදල් ගෙවීම් අනුව වැඩකර ඇති අතිකාල පැය ගණන ගණනය කිරීම සමාගම් ලේකම් තිරුකුමාර් මහත්මිය විසින් සිදුකළ අතර එම ගණනය කිරීම් සඳහා ඇයට කැල්කියුලේටරයක්‌ ද ලබාදෙන ලදී.

මේ අනුව 2012 ජුනි මාසයේ අදාළ රියෑදුරා නිදාගන්නේවත් නැතිව සෑම දිනකම අඛණ්‌ඩව රියෑදුරු රාජකාරියේ යෙදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර කොමසාරිස්‌වරු ඒ සම්බන්ධයෙන් විශ්මය පළ කළහ.

එසේම නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ සේවයට යොදවා ඇති රියෑදුරන් තිදෙනකුගේ වැටුප් විස්‌තර සහ ඔවුන්ට සිදුකළ අතිකාල ගෙවීම් යනාදිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් තිරුකුමාර් මහත්මිය කොමිසමට හෙළි කළ අතර එම රියෑදුරන්ගේ වාහන ධාවන තොරතුරු තමා සතුව නොමැති බව ද කීවාය.

එසේම හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ වියදම් විස්‌තර ඇතුළත් ලේඛන රැසක්‌ ද ඊයේ කොමිසමට ඉදිරිපත් කර ඒවා කොමිසමේ ලේඛන වශයෙන් ලකුණු කරනු ලැබිණි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම ඊයේ (11 දා) උදේ 10.30 ට පමණ රැස්‌විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

suminda250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles