The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

MM Divaina 365x90 S

UPali

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල් නගරයට යාබදව පිහිටි ආරුගම්බ වෙරළ තීරයට ලංකාවේ නන්දෙසින් පැමිණ දියේ ගිලී මිය ගිය සිද්ධීන් හා දිවි බේරා ගැනීම් පිළිබඳ අනේක වාරයක්‌ පුවත් සැළවුවද ඒ සඳහා නිසි වැඩ පිළිවෙළක්‌ නැතැයි ප්‍රදේශවාසීහු පවසති.

අරුගම් බොක්‌ක වැනි අවදානම් ස්‌ථානයක සුන්දර අත්දැකීම් විඳීමට දිනකට අරුගම්බ වෙරළට ඇදී එන දහස්‌ සංඛ්‍යාත දෙනා ඉවක්‌ බවක්‌ නැතිව පීනති. පීනා දිවි අහිමි කර ගනිති.

අරුගම් වෙරක සුන්දරත්වය දැක අමන්දානන්දයට පත්වන පිරිස්‌ දෙවරක්‌ නොසිතා අවදානම් මුහුදේ පැය ගණන් කෙළිදෙළෙන් ගත කරති. අනතුරක සේයාවක්‌ නොමැතිව මෙහි ගතකරන අතර නිතර දියේ ගිලී මියයන ස්‌ථාන ලෙස ප්‍රකට මෙහි පසුගිය කාලය තුළ 100 කට අධික පිරිසක්‌ දියේ ගිලී මිය ගියහ.

බොහෝ දෙමාපියන් මුහුදට යැමට තම දරුවන්ට ඉඩ දෙනු ලබන්නේ ඔවුන්ට අනතුරක්‌ නොවන්නට වගබලා ගැනීමේ අරමුණ ඇතිවයි. එහෙත් වෙරළේ අසිරිය දැක්‌කම දෙමාපියන්ට සියල්ල අමතක වන්නේය.

මේ හැරෙන්න පානම, පොතුවිල්, මේකන්ද, මුහුදු තීරවල දිනපතාම විදේශිකයන් මිය යැමද ඉහළ ගොස්‌ ඇත. ප්‍රදේශය පුරා ආරක්‍ෂක කඳවුරු පිහිටුවා ඇත. ඒ අනුව පොතුවිල් නාවික, ගුවන්, යුද, එස්‌. ටී. එෆ්. කඳවුරු 06 කි පානම 06 කි. ලාහුගල 04 කි. කෝමාරි 03 කි. මේවා පිහිටා ඇති ස්‌ථානවලට දුර සැතපුම් 04 කට වඩා නැත. මේවායේ නියුතු කාර්ය මණ්‌ඩල බොහෝ දුරට නිකරුණේ කාලය ගත කරති. මේ අයගේ සේවය ලබාගෙන ප්‍රදේශයේ දහසක්‌ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට හැකියාව ඇත. ඒවා එසේ නොවෙති.

පී. විඡේසේකර - පානම
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

suminda250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles