The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

p17 4විදේශයක රැකියාවකට ගොස්‌ පැමිණ සිටි සිය බිරිඳ සැමියා විසින් මහමඟදී කපා කොටා ඝාතනය කර ඇති බව කැකිරාව පොලිසිය පවසයි.

ඒ නමය මාර්ගයේ කයිලපතාන හන්දියේදී ඊයේ (11දා) දහවල් එකට පමණ මෙම සිදුවීම වී ඇත.

ඝාතනයට ලක්‌ව ඇත්තේ මාතලේ ආ¹වල පදිංචිව සිටි තිදරු මවක වන එම්. ජී. ධම්මිකා ගුණතිලක නමැති (35) කාන්තාවකි.

පවුල් ආරවුලක්‌ අනුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය කියයි. බිරිඳ විදේශගතව සිටියදී ඇයට ඇසිඩ් ගසා ඝාතනය කරන බවට සැමියා දුරකථනයෙන් තර්ජනය කර තිබෙන බවද අනාවරණය වී ඇත.

සැමියා නිතර කරන තර්ජනයට බියවී මෙරට පැමිණි කාන්තාව පසුගිය 08දා කැකිරාව සුදර්ශනගම සහෝදරයකුගේ නිවසට පැමිණ සිටියදී ඊයේ (11දා) උදේ සහෝදරයාගේ දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට කැකිරාව රෝහලට පැමිණ බස්‌ රථයකින් ගොස්‌ කයිලපතාන හන්දියෙන් බැස ත්‍රිරෝදයකට ගොඩ වීමට යැමේදී මඟ රැක සිටි සැකකරු බිරිඳට බිම පෙරළාගෙන තියුණ ආයුධකින් කපා කොටා ඇත.

සැකකරු ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධව කැකිරාව පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

කැකිරාව - සුදත් ඒකනායක

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles