Divaina - පාසලේම සිසුන්ගෙන් පහර කෑ - සවරාන මුස්‌ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක රෝහලේදී මියයයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p1 3තම පාසලේ සිසුන් තිදෙනකු සිදුකළ පහරදීමක්‌ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි හලාවත සවරාන මුස්‌ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ 16 හැවිරිදි සිසුවා පෙරේදා (23දා) කොළඹ ජාතික රෝහලේදී මරණයට පත්විය.

සවරාන මුස්‌ලිම් විදුහලේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මොහොමඩ් රිස්‌වි මොහොමඩ් ෆයිසුල් නමැති සිසුවා මෙසේ මියගොස්‌ තිබේ. පසුගිය 15 දා රාත්‍රී මෙම පහරදීම සිදුවී තිබේ. එදින සවරාන මස්‌ජිදයේ පැවැති රාමසාන් උත්සවය වෙනුවෙන් පැවැති ආගමික වතාවත්වලට සහභාගී වී ආපසු සිය නිවසට පැමිණෙමින් සිටියදී අතරමඟ රැඳී සිටි, එම විදුහලේම 10 ශ්‍රේණියේ සිසුන් තිදෙනකු සහ මියගිය ශිෂ්‍යයා අතර බහින් බස්‌ වීමක්‌ ඇතිවී තිබෙන අතර එම අවස්‌ථාවේ එක්‌ සිසුවකු ප්‍රධාන ශිෂ්‍ය නායකයාට මුගුරකින් පහරදී ඇත. පහරදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

පහර කෑමට ලක්‌වූ සිසුවාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර දින කිහිපයක්‌ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස්‌ තිබේ.

විදුහලේ දක්‍ෂ සිසුවකු වූ මියගිය ශිෂ්‍යයා විදුහලේ කාගෙත් ඇගයීමට ලක්‌වූ අයෙකි. දක්‍ෂතාවය හා කැපවීම හේතුවෙන් ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හිමිවූ අතර ඒ දක්‍ෂතාවන් හා කැපවීම ඉවසාගත නොහැකිවූ පිරිසක්‌ද එම ප්‍රදේශයේ සිට ඇත. මියගිය අයගේ ඥතීන් ප්‍රකාශ කරන අන්දමට පහර දීම සිදුකළ සිසුවාගේ ඥතීන් හා මරණයට පත්වූ සිසුවාගේ පවුලේ අය අතර විරසකයක්‌ද පැවත ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි ප්‍රකාශ කරති.

පහරදීම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන හලාවත අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනෙක්‌ සිසුන් දෙදෙනා ඇප මත නිදහස්‌ කර තිබේ.

ප්‍රියරංග ඉලංගමුදලි - නල්ලදරන්කට්‌ටුව, පී. ඩී. හෙට්‌ටිආරච්චි - හලාවත
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles