Divaina - යාපනයේ පාසලක් ළඟ ‘වැලන්ටයින්’ අලෙවි සල්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

jaff666
 
 දිනසේන රතුගමගේ
 
 යාපනයේ ප‍්‍රසිද්ධ පාසල් ආසන්නයේ ‘වැලන්ටයින් දිනය’ (පෙම්වතුන්ගේ දිනය* සැමරෙන සිහිවටන අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ වැසියෝ යාපනය මහ නගර සභාවට විරෝධය පළකොට සිටිති.
 
 මේ පාසල් ආසන්නයේ තාවකාලික කූඩාරම් ඉදි කරගත් වෙළෙන්දෝ පාසල් සිසුන් ඉලක්ක කරගෙන එම සිහිවටන අලෙවි කළහ. එම තාවකාලික
 
 වෙළෙඳ සල් සඳහා යාපනය මහ නගර සභාවෙන් අවසර ලබාදීම සම්බන්ධයෙන් මහජන විරෝධය පළ වී තිබේ.
 
 මේ තාවකාලික වෙළෙඳ සල්වලින් අලෙවි කරන ලද ‘වැලන්ටයින්’ දිනය සැමරීමේ සිහිවටන පාසල් සිසුන් මිලට ගැනීමට පටන් ගැනීමත් සමගම යාපනය මහ නගර සභාවට මේ පිළිබඳව යාපනයේ වැසියන් තොරතුරු දැනුම් දී ඇතත් එම වෙළෙඳ සල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව පියවර ගෙන නොතිබුණි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles