Divaina - නව ව්‍යවස්ථාවකට කරුණු යෝජනාවලියක් ජනපතිට පිළිගන්වයි... ගෙවිඳු කුමාරතුංග මහතා ජනාධිපතිවරයා වෙත යෝජනාවලිය පිළිගැන්වූ අයුරු

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

got700
 ශක්ති සම්පන්න රාජ්‍යයක්, අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මැයෙන් නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා (13 දා* පස්වරුවේ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී යුතුකම සංවිධානය පිළිගන්වනු ලැබීය.
 
 අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැඟීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ‍්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය,
 
 ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.
 
 යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ජනාධිපතිවරයා වෙත එය පිළිගැන්වීය.
 
 ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.
 
 සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.
 
 නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙංගමුවේ නාලක හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, බන්දුල ගුණවර්ධන, ගාමිණි
 
 ලොකුගේ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හා මහජන නියෝජිතයෝ ද, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles